Thursday, September 27, 2012

සමරිසිබව හා ජ්‍යෝතිෂය


මම සමරිසි වුණේ ඇයි? මෙය හුඟක් සමරිසියන්ට තියෙන ප්‍රශ්නයක් .පිරිමින්ට නම් සමහරු කියනවා කුඩා කාලෙදි පියාගෙ ආදරය ලැබිලා නැති නිසාලු. කුඩා කාලයේදි පිරිමියෙක්ගෙන් ලිංගික අතවරයට ලක්වුණ නිසාලු. කාන්තාවක්නම් කුඩාකාලෙදි ලැබුණු අත්දැකීම් නිසා පිරිමියෙක් වීම දුර්වලතාවකැයි සිතා ඔවුන් ප්‍රතික්ෂේප කරන නිසාලු.එහෙමත් නැතිනම් පස්සෙ කාලෙක තමන් මේකට වෙන කාහරි නිසා 'පුරුදු වුණ' නිසාලු.

එහෙත් ජ්‍යෝතිෂඥයින් පවසන්නේ ඔබ සමරිසිවී උපදින බවයි.මේ THE TIMES OF INDIA පුවත්පතේ ඒ සම්බන්ධයෙන් පළවූ ලිපියක් ඇසුරින් ගත් කරුණු වලින් සැකසූ ලිපියකි.

වෛද්‍ය ප්‍රකාශ් කොතාරි
ලොව කීර්තිමත් ලිංග විද්‍යාඥයකු (sexologist) වන ඉන්දීය ජාතික වෛද්‍ය සහ මහාචාර්ය ප්‍රකාශ් කොතාරි ජ්‍යෝතිෂය සහ බටහිර ලිංග වෛද්‍යවිද්‍යාව(sexual medicine) සම්බන්ධකරන අධ්‍යයනයක් මුම්බායිහි කෙම් රෝහල, ජී එස් වෛද්‍ය විද්‍යාලය සහ ලිංගික විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුව තුළ සිදුකළේය. එහිදී වෛද්‍ය ප්‍රකාශ්ගේ මිතුරෙකු මාර්ගයෙන් හඳුනාගත් ජ්‍යෝතීර්වේදියෙකු වන බිපින් කුමාර් ජෝශි  විසින් ආචාර්ය ප්‍රකාශ් හමුවට ආ පුද්ගලයකුගේ ලිංගික දිශානතිය ඔහු හා වචනයකුදු කතාබහ නොකර ඔහුගේ උපන්දිනය, උපන්වේලාව සහ උපන්ස්ථානය පමණක් භාවිතකරමින් නිවැරදි ලෙස කීවේය. මින් පුදුමයට පත් වෛද්‍ය ප්‍රකාශ් එවකට මිථ්‍යාවක් ලෙස සැලකුණු ජ්‍යෝතිෂය වැඩිදුර හැදෑරීමට තීරණය කළේය.

වරාහමිහිර

එවිට ජ්‍යෝතීර්වේදි ජෝශි ඔහුට ක්‍රි.ව. හයවන සියවසේ සිටි විශිෂ්ට ඉන්දීය තාරකා විද්‍යාඥයකු සහ ජ්‍යෝතීර්වේදියකු වන වරාහමිහිර(Varāhamihira) විසින් ලියූ ග්‍රන්ථයක් වන 'බ්‍රිහාත් ජාතක්'(brihat jatak) ග්‍රන්ථය හඳුන්වාදුන්නේය. එය වර්තමානයේද ජ්‍යෝතිෂයේ ප්‍රධාන ග්‍රන්ථ පහෙන් එකක් ලෙස සලකන්නකි. එහි සඳහන් කර ඇති ආකාරයට සමරිසිබව උපතින් එන්නකි.

වරාහමිහිර සඳහන් කර ඇත්තේ "කෙනෙකුගේ හඳහනේ ශුක්‍ර(සිකුරු) සහ ශනි(සෙනසුරු) ග්‍රහයින් එකිනෙකාට දිෂ්ටිවන පරිදි පිහිටීමෙන් සහ එම ග්‍රහයින් එකිනෙකාගේ නවාංශකවල පිහිටා ඇත්නම් ඇය තම කාමාශාව සන්සිඳුවාගන්නේ විරුද්ධ ලිංගිකයෙකු ලෙස හැසිරෙමින් තමාගේ ලිංගයේ පුද්ගලයකුගෙනි".

වරාහමිහිරගේ විචාරකයකු වන රුද්‍රභාත් තවදුරටත් සඳහන් කරන්නේ මේ රීතිය එලෙසම පිරිමි හඳහනකටද අදාල වන බවයි. මේ කරුණු සත්‍යදැයි පරීක්ෂාකර බැලීමට ආචාර්ය කොතාරි ඉහත සඳහන් කළ අධ්‍යයනය සිදුකළේය. ඔහු තමා හමුවට ආ සමලිංගික පුද්ගලයින් 80 දෙනෙකුගේ උපන්දිනය, උපන්වේලාව සහ උපන් ස්ථානය පිළිබඳ තොරතුරු ලබාගෙන ඔවුන්ගේ හඳහන් නිර්මාණය කළේය.  වරාහමිහිර විසින් සඳහන් කරන ලද තවත් කරුණු කිහිපයක් ඉවත්කරමින් ඉහත කරුණ ඇසුරෙන් පමණක් හඳහන් පරීක්ෂා කළ ඔහුට පෙනුණේ බහුතරයකගේ හඳහන්වල ඉහත සඳහන් ග්‍රහ පිහිටීම තිබෙන බවයි.තවදුරටත් පරිගණක මෘදුකාංග හරහා සහ ජ්‍යෝතීර්වේදින්මගින් කළ පරීක්ෂාවලින්ද තම ගණනය කිරීම්වල නිරවද්‍යතාවය පරීක්ෂාකළ ඔහුට පෙනීගියේ වරාහමිහිර හයවන සියවසේදී සඳහන් කළ දෙය මින් සනාථ වෙන බවයි.

"වර්තමාන අධ්‍යයන වලින් පෙන්වාදීලා තියෙන්නේ සමලිංගිකත්වය උපතින්ම ලද ජානමය නැඹුරුවක් ඇති දෙයක් බවයි, ජ්‍යෝතීර්වේදයෙන් පෙන්වන්නෙත් සමලිංගිකත්වය උපතින් එන්නක් බවයි. මම විද්‍යාවට නැඹුරු පුද්ගලයෙක් වුවත් මම විශ්වාස කරන්නේ තාරකා විද්‍යාව මත පදනම් වෙච්ච ජ්‍යෝතීර්වේදයත් විද්‍යාවක් බවයි.මම ජ්‍යෝතීර්වේදය පාවිච්චි කරන්නේ මගේ වෛද්‍ය ප්‍රතිකාර වලට මඟපෙන්වීමක් හැටියට විතරයි. මෙවලමක් ලෙස නොවෙයි. බිපින් ජෝශිත් මගේ කාර්ය මණ්ඩලයේ කෙනෙක්. මම මනෝ විද්‍යාඥයින්ගෙන්, ව්‍යාධිවේදීන්ගෙන් උදව් ගන්නවා වාගෙ මොහුගෙ සහයත් රෝග විනිශ්චයට යොදාගන්නවා. සමහර අසාමාන්‍ය ලිංගික හැසිරීම් සහිත පුද්ගලයින්ගෙන් මම අත්ලේ රේඛා සටහන් පවා ලබාගන්නවා." වෛද්‍ය කොතාරි පැවසුවේය.


මේ ගැන ඉන්දීය ජ්‍යෝතීර්වේදියෙකු සඳහන් කරන වීඩියෝ එකක් පහත දැක්වෙනවා. ඔහු කියන ආකාරයට ජ්‍යෝතිෂයට අනුව කෙනෙකු සමරිසිද නැද්ද යනවග නිශ්චිතව  කිවහැකියි.


Wednesday, September 19, 2012

සමරිසි නළුවන්

මේ තමන් සමරිසි බව සමාජයට කී නළුවන් කිහිපදෙනෙකි. එසේ කීමට තරම් සමාජ වටපිටාවක් ඇත්තේ බටහිර සමාජය තුළය. එනිසා මොවුන් සියල්ලම බටහිර නළුවන්ය. මේ සමරිසි නළුවන් සිනමා ලෝකයේදී කාන්තාවන්ට ආදරය කළද සැබෑ ජීවිතයේදී ආදරය කරන්නේ පිරිමින්ටය.

1. Ian Mckellen


මොහු ඔබ හොඳින් හඳුනන සම්මානනීය බ්‍රිතාන්‍ය සිනමා නළුවෙක්. සුප්‍රසිද්ධ Lord of the Rings චිත්‍රපට මාලාවේ Gandalf ලෙස, X-Men චිත්‍රපටි මාලාවේ Magneto ලෙස සහ The Da Vinci Code චිත්‍රපටියේ Sir Leigh Teabing ලෙස ප්‍රසිද්ධ චිත්‍රපටි ගණනාවක ප්‍රසිද්ධ චරිතය මොහු රඟපා තිබෙනවා.  තමන් සමරිසි බව තම රංගන දිවිය ආරම්භ කාලයේදීම හෙළිකල මොහු ඒ බව පොදු ජනතාවට කියා සිටියේ 80 දශකයේ අගභාගයේදීය.
The Da Vinci Code

Lord of The Rings

 X-Men

2.Rupert Everett


My best friend's Wedding, An ideal Husband, The Next Best Thing ආදී චිත්‍රපටි හරහා මොහු ජනප්‍රියත්වයට පත්විය. සුප්‍රකට Shrek සජීවීකරණ චිත්‍රපට මාලාවේ Prince Charming ට හඬකවන්නේ මොහුය.
My Best Friend's Wedding

An ideal Husband

Shrek

3.Neil Patrick Harris


ඇමරිකානු නළුවෙකු වන මොහු Doogie Howser, How I met Your Mother ආදී චිත්‍රපටි ගණනාවක් හරහා ජනප්‍රියත්වයට පත්විය.මොහු සහ මොහුගේ සහකරු David Burtka අදවන විට නිව්යෝක් නගරයේ ප්‍රසිද්ධම සමරිසි යුවල බවට පත්වී ඇත. මේ ඔහු පණපෙවූ චරිත සමහරක්.


4.Rock Hudson


50 සහ 60 දශකවල ඇමරිකාවේ සිටි ජනප්‍රියතම සිනමා නළුවෙක්.Giant, Magnificient Obsession චිත්‍රපටවල රඟදැක්වූ චරිත හරහා ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ මොහු සමාජයට රහසින් සමලිංගික දිවියක් ගතකළ අයෙකි. Phylis Gates නම් කාන්තාවක් සමඟ 1955දී විවාහ වුවද ඉන් වසර තුනකට පසු ඇයගෙන් දික්කසාද වී ඔහු AIDSරෝගයෙන් මියයන තෙක්ම ජීවත්වූයේ නම් පුද්ගලයකු Tom Clark සමඟය.මේ ඔහුගේ සිනමා දසුන් කිහිපයක්.



තවත් සමරිසි නළුවන් ගැන දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.

Thursday, September 6, 2012

ඔබේ ලිංගිකත්වය ගොඩනැගී ඇති හැටි.


පුද්ගලයකුගේ ලිංගිකත්වය යනු ලිංගික අනන්‍යතාවය, ලිංගික ප්‍රකාශනය, ජීවවිද්‍යාත්මක ලිංගය සහ ලිංගික දිශානතිය යන සියල්ලේම එකතුවකි.අද සටහන ඒ පිළිබඳවයි.

1.ලිංගික අනන්‍යතාවය(Gender Identity)


ගැහැණිය(Woman)              අනන්‍යතාවය හඳුනාගතනොහැකි(Genderqueer)                     පිරිමියා(Man)

ලිංගික අනන්‍යතාවය යනු ඔබේ මනස ඔබ ගැන සිතන ආකාරයයි. යම් හෙයකින් තමන් ගැහැණු හෝ පිරිමි හෝ ලෙස පැහැදිලිව හඳුනාගත නොහැකි පුද්ගලයින් Genderqueer ලෙස හඳුන්වන අතර ඔවුන් තමන්ව හඳුනාගන්නා ආකාරය විවිධාකාර විය හැක.

bigender, pangender - පිරිමි සහ ගැහැණු දෙවර්ගයම ලෙස
genderless, agender- පිරිමියෙක් හෝ ගැහැණියෙක් හෝ නොවන ලෙස
genderfluid - ලිංග දෙක අතර හුවමාරුවෙමින්
third gender or other-gendered - තමන්ගේ ලිංගික අනන්‍යතාවට නමක් නොයොදන
questioning - ලිංගික අනන්‍යතාවය සහ ලිංගික දිශානතිය මුසුවුණු ඒ අතර අපැහැදිලි පුද්ගලයින්

යම් හෙයකින් පුද්ගලයකුගේ ලිංගික අනන්‍යතාවය , ජීවවිද්‍යාත්මක ලිංගයට නොගැළපෙන්නේ නම් එය හඳුන්වන්නේ සංක්‍රාන්තිලිංගික(transgender) යනුවෙනි.උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙක්ව ඔහුගේ ලිංගික අවයව අනුව උපතේදී පිරිමියෙකු ලෙස හැඳින්වුවද ඔහු තමන්ව ගැහැණියක ලෙස හඳුන්වාගනියි. මෙනිසා එම පුද්ගලයාට පිරිමි පෙනුමක් තිබුණද ගැහැණියක මෙන් ඇඳ පැළඳිමට පෙළඹෙයි.  cross dressers, drag queens, drag kings, transvestites  යන නම් වලින් හඳුන්වන පුද්ගලයින් තමන් සංක්‍රාන්තිලිංගික පුද්ගලයෙක් ලෙස හඳුන්වාගනියි.

2.ලිංගික ප්‍රකාශනය(Gender Expression)

ස්ත්‍රීරූපී(Feminine)                              පුංජායාංගී (Androgynous)                             පුරුෂරූපී(Masculine)

ලිංගික ප්‍රකාශනය යනු සමාජයේ සම්මත ලිංගික භූමිකාව අනුව තමන් ක්‍රියාකරන, අඳින පළඳින, හැසිරෙන සහ අන්තර්ක්‍රියාකරන ආකාරයයි. සම්මත පිරිමි සහ ගැහැණු ලක්ෂණ දෙකම මිශ්‍රව ප්‍රකාශ වන්නේ නම් එය පුංජායාංගී ලෙස සලකයි
.
3.ජීවවිද්‍යාත්මක ලිංගය(Biological Sex)

ගැහැණු(Female)                                        අන්තර්ලිංගික(Intersex)                                 පිරිමි(Male)

ජීව විද්‍යාත්මක ලිංගය යනු ඔබේ සිරුරේ ලිංගික අවයව, හෝමෝන සහ ක්‍රොමොසෝමයි.මෙය තීරණය වන්නේ ඔබේ උපතිනි.

ගැහැණු = යෝනිය, ඩිම්බකෝෂ, XX ක්‍රොමොසෝම

පිරිමි = ශිෂ්ණය, වෘෂණකෝෂ, XY ක්‍රොමොසෝම

අන්තර්ලිංගික = මේ දෙකේ සංකලනයකි

4.ලිංගික දිශානතිය(Sexual Orientation)

විෂමලිංගික(Heterosexual)                       ද්වීලිංගික(Bisexual)                           සමලිංගික(Homosexual)

ලිංගික දිශානතිය යනු ඔබට සාපේක්ෂව ඔබ ශාරීරිකව, ආධ්‍යාත්මිකව, සහ භාවාත්මකව ආකර්ෂණය වන කොටසයි( ඔවුන්ගේ ලිංගය හෝ ලිංගිකත්වය මත පදනම්ව).මේ අනුව සමලිංගිකත්වය යනු ඇබ්බැහියක් හෝ පුරුද්දක් නොවේ. එය එම පුද්ගලයාගේ ලිංගික දිශානතියයි.

ඉහත සඳහන් කළ සියලුම ආකාරයේ විවිධාකාර ලිංගිකත්වයන් ඇති සියල්ලන්ම මනුෂ්‍යයින්ය. ඔවුන් සියල්ලටම මානව සමාජයේ සමානාත්මතාව සහ සාධාරණත්වය හිමිවිය යුතුය.