Tuesday, June 26, 2012

මහා ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රේම කථාව



ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන්
මහා ඇලෙක්සැන්ඩර් යනු ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා අධිරාජ්‍යයක් තැනූ ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයකු බව ඔබ කවුරුත් දන්නවා ඇත. පුරාණ ලෝකය දිග් විජය කළ මහා රණශූරයකු වූ මොහුටද ප්‍රේම කතාවක් ඇත. ඔබට ලංකාවේදී නම් ඉතිහාසය පොතක කවමදාවකවත් මේ ප්‍රේම කතාව ඉගෙනගන්නට ලැබෙන්නේ නැත. මේ දිග හැරෙන්නේ ඔහුගේ කතාවයි.

ඇලෙක්සැන්ඩර් හෙපයිස්ටියන් සමඟ දඩයම් කරමින්
ග්‍රීසියට උතුරින් පිහිටි මැසිඩෝනියා රාජ්‍යයේ දෙවන පිලිප්(Philip) රජුට සහ ඔලිම්පියාස්(Olympias) බිසවට දාව ක්‍රි.පූ 356දී ඇලෙක්සැන්ඩර් උපත ලැබීය. කුඩා කළ සිටම ඔහුට අනෙක් මැසිඩෝනියානු වංශවත් කුමරුන් මෙන්ම කියවීම, සංගීතය, අශ්ව ධාවනය, සටන් ක්‍රම සහ දඩයම් කිරීම ඉගෙනගන්නට ලැබිණ. වයස අවුරුදු 13 පටන් වියත් දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් යටතේ ඔහු තවත් වංශවත් පුතුන් වූ ටොලමි(Ptolemy), හෙපයිස්ටියන්(Hephaestion) සහ කැසැන්ඩර්(Cassander) සමඟ අධ්‍යාපනය ලැබීය. ඔවුහු එහිදී වෛද්‍ය, දර්ශනය, සදාචාරය, ආගම, තර්කණය සහ කලාව ආදී විවිධ ශාස්ත්‍ර හැදෑරූහ. යොවුන් ඇලෙක්සැන්ඩර් හෝමර්ගේ ඉලියඩ් කාව්‍යයට ඉතාමත් ආශාකළ අතර ඔහු එහි පිටපතක් පසුකාලීනව යුද්ධ කරන කාලයේදී පවා රැගෙන ගිය බව සඳහන්ය. ඔහුට දැනුම පිළිබඳ විශාල උනන්දුවක් තිබූ අතර දර්ශනයට ඇලුම් කළ හොඳ කියවන්නෙක්ද විය.

යොවුන් ඇලෙක්සැන්ඩර් තම මිතුරන් අතරින් තමවයසේම සිටි හෙපයිස්ටියන්ට මහත් ඇලුම් කළ අතර ඔවුන් දෙදෙනා ඒ නිසාම අඹ යහළුවන් බවට පත් වූහ. වයස අවුරුදු 15 පටන් මොවුන් දෙදෙනා එක්ව බෝට්ටු සංචාර වල යෙදුණු බව සඳහන් වී ඇත. ඇලෙක්සැන්ඩර්  වයස අවුරුදු 16 දී තම අධ්‍යාපනය හමාර කර යළි පැමිණි අතර ඒ වනවිට ඔහු සහ හෙපයිස්ටියන් කඩවසම් සහ බුද්ධිමත් රණශූරයින් දෙපළක් බවට පත්ව තිබුණි.

ඇලෙක්සැන්ඩර් සටන්බිමේදී
මේ වනවිට මුළු මහත් ග්‍රීසියම යටත් කර මහා අධිරාජ්‍යයක් ගොඩනැගීමේ අභිලාශයෙන් පසු වූ පිලිප් රජු ඒ සඳහා සිය රටේ හමුදාවට මනා පුහුණුවක් ලබාදී කල්යල් බලා සිටියේය. ග්‍රීක පෞර රාජ්‍ය දුර්වල වූ අවස්ථාවේදී සේනාධිපති තනතුරට ඇලෙක්සැන්ඩර් පත්කළ පිලිප් රජු ක්‍රි. පූ 338 දී ග්‍රීසිය ආක්‍රමණය කළේය. ඇලෙක්සැන්ඩර්ගේ සහ පිලිප් රජුගේ සටන් ශූරත්වය නිසා ඔවුන්ට ඇතන්ස් සහ තීබිසය ඇතුළු මුළු මහත් ග්‍රීසියම මැසිඩෝනියාවට යටත් විය.

මේ වනවිට ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන් දෙදෙනාගේ මිත්‍රත්වය ආදර සම්බන්ධයක් බවට පත්වී තිබූ අතර, මේ නිසා සිය පුතුට කාන්තාවන් කෙරෙහි ආශාවක් ඇති නොවී දරුවන් නොලබතැයි බිය වූ රජ යුවළ කැලික්සීනා(Kallixeina) නම් වෘත්තිමය ගණිකාවක් ඔහු වෙත ගෙන ආවේය. එහෙත් ඇලෙක්සැන්ඩර් එය ප්‍රතික්ෂේප කර සිය පියාට රාජ්‍ය කටයුතු සඳහා සහය වන්නට විය.පර්සියන් අධිරාජ්‍යයද යටත් කර ගැනීමට සැලසුම් කලද සිය මාළිගාවේදී ඇතිවූ කෝලහාලයක් නිසා පිලිප් රජු මරා දමන ලදී. මේ නිසා එවකට වයස අවුරුදු 20ක්ව සිටි ඇලෙක්සැන්ඩර්, තෙවන ඇලෙක්සැන්ඩර් නමින් රාජ්‍යත්වයට පත් විය.සිය පියාගේ අභිලාෂය ඉටුකිරීමේ අරමුණින් ඇලෙක්සැන්ඩර් පර්සියන් අධිරාජ්‍යය ආක්‍රමණය කිරීමට තීරණය කළේය.එවකට එම අධිරාජ්‍යය සුළු ආසියාව(වර්තමාන තුර්කිය), ඊජිප්තුව, මෙසපොතේමියාවේ සිට ඉන්දියාව දක්වා ව්‍යාප්ත වී තිබුණි.
ඇලෙක්සැන්ඩර් (දකුණේ) සහ හෙපයිස්ටියන් ඇලෙක්සැන්ඩර් චිත්‍රපටියේදී
 48,100ක පාබල සේනාවක්, 6,100ක අශ්ව හමුදාවක් සහ 38,000ක නාවික හමුදාවක් සහිත නැව් 120කින් ඔහුගේ සේනාව සුළු ආසියාවට පැමිණියේය. එහිදී ඔවුන් ට්‍රෝයි නුවර අසල ඉලියම්හි අකිලීස් සහ පැට්‍රොක්ලස්ගේ පූජනීය දෙවොලට පැමිණියහ. ඇලෙක්සැන්ඩර් නිතරම තම ආදරය අකිලීස් සහ පැට්‍රොක්ලස්ගේ ආදරය ලෙස දුටුවේය.  තමන්ව නිතරම අකිලීස් ලෙස හඳුන්වාගත් ඔහු ඇලෙක්සැන්ඩර් අකිලීස්ගේ දෙවොලට මල්මාලා පූජාක්ළ අතර හෙපයිස්ටියන් එයම පැට්‍රොක්ලගේ දෙවොලට කළේය. පුරාණ චාරිත්‍රය අනුගමනය කරමින්, අකිලීස්ව වර්ණනා කරමින් ඔවුහු දෙදෙන නිරුවතින් එම සොහොන වටා දිව ගියහ.
අකිලීස් සහ පැට්‍රොක්ලස්ගේ සොහොනට ගෞරව කිරීම

ඇලෙක්සැන්ඩර්, හෙපයිස්ටියන්ට කොතරම් ආදරය කළේද යත් ඔහුට වෙනත් පිරිමින් අවශ්‍ය නොවීය.වරෙක ඔහුගේ එක් සෙන්පතියෙක් අයෝනියාවේ(වර්තමාන තුර්කියේ කොටසක්)දී එක් කඩවසම් පිරිමි වහළෙක් දැක ඔහුගේ රූපය වර්ණනා කරමින් ඔහුව මිලට ගෙන එවන්නදැයි විමසා ඇලෙක්සැන්ඩර්ට පණිවිඩයක් යැවීය.එහෙත් මින් කෝපයට පත් ඇලෙක්සැන්ඩර් එම සෙන්පතියාට තමන් කාමාශාවන් පසුපස දුවන්නෙක් නොවේ යැයි බැණවදිමින් පිළිතුරු යැවීය.ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව තුන්වන ඩේරියස් අධිරාජ්‍යයාගේ(Darius) පර්සියන් හමුදාව සමඟ ඉසස් හි සිදුවූ මහා සටනින්(Battle of Issus) ජයගත් අතර එවකට ඊට යටත්ව පැවති ෆීනීසියාවද( වර්තමාන ලෙබනනය) යටත් කර ගත්තේය. ඩේරියස් රජු පළා ගියද රාජකීය පවුල ජීවග්‍රහයෙන් අල්ලගන්නා ලදී. ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන් දෙදෙන අල්ලාගත් රජ පවුල බැලීමට ගිය විට විශේෂ සිදුවීමක් සිදුවිය.
ඉසස්හි සිදුවූ මහා සටන

ඒ වනවිට ඇලෙක්සැන්ඩර්, හෙපයිස්ටියන් දෙදෙනා කොතරම් එකිනෙකාට බැඳී තිබුණාද කිවහොත් තනතුරු වෙනස් වුවත් දෙදෙනාම අඳින ලද්දේ එකම ඇඳුම් පැළඳුම්ය. මේ නිසා පර්සියන් රජ බිසව වූ සිසිගම්බිස්(Sisygambis)ට ඇලෙක්සැන්ඩර් කවුදැයි අඳුනාගත නොහැකි විය. මේ නිසා ඇලෙක්සැන්ඩර්ට වඩා තේජාන්විත පෙනුමින් සහ උසින් යුතු හෙපයිස්ටියන්, ඇලෙක්සැන්ඩර් යැයි සිතූ ඇය ඔහු හමුවේ අභයදානය ඉල්ලා දණින් වැටුණාය. එහෙත් ඇයට වැරදුණු බව දැනගත්විට ඈ මහත් ලැජ්ජාවට පත් වූවාය. එහෙත් ඇලෙක්සැන්ඩර් "මෑණියනි, ඔබට වැරදී නැත. මොහුත් ඇලෙක්සැන්ඩර්ය" යනුවෙන් පැවසීය.  මේ කියමන දෙදෙනා අතර ඇති ප්‍රේමනීය බැඳීම පැහැදිලිවම පෙන්නුම් කරයි.

පර්සියන් රජ බිසව හමුවූ අවස්ථාව
යුද්ධයේදී ගත් තීරණවලදී හෙපයිස්ටියන් සැමවිටම ඇලෙක්සැන්ඩර්ගේ පැත්ත ගත්තේය. ඔවුහු හැකි සෑම විටම එක්වී වැඩ කළහ. ඇලෙක්සැන්ඩර් ජෙ‍යෂ්ඨ නිලධාරීන්ගෙන් ගන්නා උපදෙස්වලදී හෙපයිස්ටියන් මූලික විය. එහෙත් පුද්ගලිකව කතාකරන, ඇලෙක්සැන්ඩර් සිය හැඟීම්, බලාපොරොත්තු, සැලසුම් සියල්ල බෙදාගත් එකම පුද්ගලයා හෙපයිස්ටියන්ම පමණක් වීය. ඇලෙක්සැන්ඩර් තම රහස් සියල්ලම බෙදාගත්තේ ඔහු සමඟය.එහි සයිඩන් නගරය යටත් කරගත් විට හෙපයිස්ටියන්ව එහි පාලකයා ලෙස ඇලෙක්සැන්ඩර් විසින් පත් කළද, ඔහු එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර වෙනත් රාජකීයයෙක් ඊට පත් කළේය.ඊජිප්තුව යටත් කර ගැනීමට යනගමනේදී  හෙපයිස්ටියන්ට නාවික හමුදාව භාරකළ ඇලෙක්සැන්ඩර් පාබළ හමුදාව මගින් ගොඩබිමින් ගමන්කළේය. මේ නිසා ඔහුට පහසුවෙන්ම ගාසාව සහ ඊජිප්තුව යටත් කරගත හැකි විය. ඊජිප්තුවේදී ඔහුව පාරාවෝ රජෙක් ලෙස පිළිගන්වනු ලැබූ අතර සිවාහි ඔරකල් මගින් ඔහුව සියුස් දෙවියන්ගේ පුතු ලෙස නම් කරන ලදී.මේ අතර ග්‍රීසියේ සිදුවූ කැරලි මර්දනය සඳහා සාමදූතයකු ලෙස හෙපයිස්ටියන් කටයුතු කළ අතර මේ කාලයේදී දෙදෙනා අතර ලිපි හුවමාරු වුණ බවද සඳහන්ය.

යළි පැමිණි හෙපයිස්ටියන්ට ප්‍රධාන අණදෙන්නාගේ තනතුර ලැබුණ අතර ඔහු යටතේ ඇලෙක්සැන්ඩර්ගේ අණින් හමුදාව පර්සියාව(වර්තමාන ඉරානය) යටත් කරගැනීම සඳහා හමුදාව ගමන් කළේය. එහිදී ක්‍රි. පූ. 331 දී සිදුවූ ගෝගමේලා සටනින්(Battle of Gaugamela) පර්සියන් හමුදාව පරදවා විශිෂ්ට ජයක් ලැබීය. පර්සියාවේ ඩේරියස් අධිරාජ්‍යයා එක්බටානා(Ecbatana) කඳු වෙත පළා ගියේය. මේ නිසා ඇසිරියාව හා බැබිලෝනියාව(වර්තමාන ඉරාකය) ඇතුළු විශාල ප්‍රදේශයක් ඔහුට යටත් විය. තවත් ඉදිරියට ගමන්කළ ඔහු ඇතුළු සේනාව අධිරාජ්‍යයේ අගනුවර වූ පර්සෙපොලිස්(Persepolis) වෙත පැමිණ මුළු මහත් පර්සියාවම යටත් කරගත්තේය.ඩේරියස්ව බැක්ට්‍රියාවට(වර්තමාන ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්තයකි) පලායන අතරමගදී බේසස් නම් පර්සියන් ප්‍රාදේශීය පාලකයකු විසින් මරා දමන ලදි . ඩේරියස්ට රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වූ ඇලෙක්සැන්ඩර් 'රජුන්ගෙත් රජු ' යන විරුදාවලිය ලබාගනිමින් ක්‍රි.පූ 330දී පර්සියාවේ අධිරාජ්‍යයා ලෙස රාජ්‍යත්වයට පත්විය. මැසිඩෝනියන්වරු, ග්‍රීකයින් සහ පර්සියන්වරු සමගියෙන් වාසයකරන අධිරාජ්‍යයක් තැනීම ඔහුගේ අරමුණ විය. එනිසා ඔහු පර්සියන් සංස්කෘතිය අනුගමනය කරමින් එම ඇඳුම් පැළඳුම් වලින් සැරසුනේය. පර්සියන් චාරිත්‍ර සිය රාජසභාවට ද ගෙනාආවේය.

ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යය එහි උපරිම අවස්ථාවේදී දැක්වෙන සිතියමක්

 මේ කාලයේදී හෙපයිස්ටියන් රාජ සභාව තුළ දෙවැනි වූයේ ඇලෙක්සැන්ඩර්ට පමණි. ඔහුව අශ්වාරෝහක හමුදාවේ සෙන්පති මෙන්ම හමුදාවේ දෙවන ප්‍රධාන අණදෙන්නා බවට පත්කර තිබුණි. අධිරාජ්‍යයාට මෙතරම් සමීපව සිටි නිසා හෙපයිස්ටියන්ට රාජසභාව තුළ සතුරන් බහුල විය. මේ නිසා හෙපයිස්ටියන් සහ රාජ්‍ය නිලධාරින් සමහරක් සමඟ මත ගැටුම් පවා ඇතිවිය. වරෙක මේ ගැටුමක් කඩුසටනක් දක්වා දුරදිග ගිය අතර ඇලෙක්සැන්ඩර්ගේ මැදිහත්වීමෙන් එය විසඳන ලදී. දෙදෙනාගේ මේ ආදර සබඳතාවට ඇලෙක්සැන්ඩර්ගේ මව වූ ඔලිම්පියාස් බිසව බොහෝ ලෙස ඊර්ෂ්‍යා කළාය. මේ නිසාම හෙපයිස්ටියන් තමන්ට ඇලෙක්සැන්ඩර් තරම් දෙයක් තවත් නැති බැවින් තමා සමඟ ගැටුම් ඇතිකරනොගන්නා ලෙස පවසමින් ලියුම් පණිවිඩ පවා ඇය වෙතයවා ඇති බව සඳහන්ය. වරෙක දාර්ශනිකයකු වූ ඩයොජීන්ස් ඇලෙක්සැන්ඩර්ට යවන ලද ලිපියක මෙසේ සඳහන් විය.

 " ඔබට උතුම් පුද්ගලයකු වීමට නම් ඔය හිසේ ඇති වැරහැලි ඉවත ලා අපවෙත එන්න.එහෙත් ඔබට එය කළ නොහැකිය, මක්නිසාද යත් ඔබ හෙපයිස්ටියන්ගේ කලවා මගින් පාලනය වන බැවිනි"
"If you want to be noble and ideal, throw away the rag you have on your head and come to us. But you won't be able to, for you are ruled by Hephaestion's thighs."

මේ අතර තමන් පර්සියාවේ අධිරාජ්‍යයා යැයි කියාගනිමින් ඇලෙක්සැන්ඩර්ට විරුද්ධව සේනා සංවිධානය කරමින් සිටි බේසස්(Bessus) ඇල්ලීමට බැක්ට්‍රියාවට යාමට ඇලෙක්සැන්ඩර් තීරණය කළේය. එහිදී බේසස්ව මරා, බැක්ට්‍රියාව මෙන්ම සොඩිගානා(වර්තමාන ටජිකිස්ථානය) රාජ්‍යය ඇතුළු මධ්‍යම ආසියාවේ කොටසක් තම අධිරාජ්‍යයට ඈදා ගැනීමට ඔහුට හැකිවිය.
ඇලෙක්සැන්ඩර් සහ රොක්සානා
කොතරම් බලවත් අධිරාජ්‍යයකු වුවද ඇලෙක්සැන්ඩර්ට කාන්තාවන් කෙරෙහි ඇල්මක් නොවීය. ඔහුට පර්සියන් රජුගේ අන්තඃපුරය හිමිව තිබුණත් එය පාවිච්චි නොකළ බැව් කියැවේ.එහෙත් සිය අධිරාජ්‍යයට තමන්ගෙන් පසු උරුමකරුවෙකු අවශ්‍ය බවත් එසේ නැතිනම් තම අධිරාජ්‍යයේ අනාගතය අවදානම් බවත් ඔහුට වැටහිණ. එනිසා කිසිදු ආදරයක් නොමැති වුවත් සිය අධිරාජ්‍යයේ ස්වදේශික ජනයාගේ සිත් දිනාගැනීමේ අරමුණින් ස්වදේශික කුමරියක් විවාහ කර ගැනීමට ඔහු තීරණය කළේය. එනිසා ඔහු සොඩිගානාවේදී අල්ලාගන්නා ලද 16හැවිරිදි රොක්සානා(Roxana) නම් බැක්ට්‍රියානු කුමරියක් සමඟ විවාහ විය.බැක්ට්‍රියානු චාරිත්‍රවලට අනුව සිදුකළ ඉතා සරල විවාහ උත්සවයක් වූ මෙහි දෙවන මනමාලයා ලෙස පෙනී සිටියේ හෙපයිස්ටියන්ය. ඇය කොතරම් සුරූපී කුමරියක්දැයි කිවහොත් ඇයව සලකන ලද්දේ ආසියාවේ සුරූපීම කුමරිය ලෙසටයි.


හිඩස්පස්හිදී සිදුවූ සටන, නිල් පැහැයෙන් ඇඳ සිටන ඇලෙක්සැන්ඩර් ළඟ
 රතු පැහැති ලෝගුවක් ඇඳ සිටින්නේ හෙපයිස්ටියන්ය.
ඉන්දියාවද යටත් කරගෙන ලෝකයේ නැගෙනහිර අන්තය දැකීමේ එකම ආශාවෙන් පසුවූ ඇලෙක්සැන්ඩර් නැවත සේනාපතිවරු අතරේ හමුදාව බෙදා යුද්ධයට ගියේය. ක්‍රි.පූ 327 දී ගන්ධාරය(වර්තමාන උතුරු පාකිස්ථානය) ආක්‍රමණය කර එය යටත් කළේය. පසුව පෝරස්(Porus) රජු සමඟ හිඩස්පස්( Battle of Hydaspes) හි සිදුවූ මහා සටනේදී ඔහු හා සන්ධානගතව පන්ජාබයද යටත් කළේය.මේ සටනේදී හෙපයිස්ටියන් ප්‍රමුඛ අශ්වාරෝහක හමුදාව  කැපී පෙනෙන කාර්යයක් ඉටු කළේය.
ඉන්පසුව ඉන්දියාවේ නන්ද අධිරාජ්‍යය යටත් කර ගැනීමේ අරමුණින් ඔහු නැවත ගමන් ආරම්භ කළත් ඒවනවිට වසර ගණනක් සටන්කළ හමුදා සෙබළුන්ට විවිධ රෝග වැළදී දුබල වී තිබීමත්,  මගධයේ යුධ ශක්තිය ගැන බිය වීමත් නිසා හමුදාව තවදුරටත් ඉදිරියට ගමන් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ නිසා හෙපයිස්ටියන්ට හමුදාව භාරකළ ඔහුට යළි ඉන්දු නිම්නය දිගේ යළි පර්සියාව බලා යන්නට සිදුවිය.
විවාහ මංගල්‍යය, මැද සිටන ඇලෙක්සැන්ඩර්ට
වම්පසින් සිටින්නේ හෙපයිස්ටියන්ය

ඔහු නැවත පර්සියාවට පැමිණෙන විට පර්සියන්වරු සහ ග්‍රීකයින් අතර මතගැටුම් උත්සන්න වී තිබුණි. මේවා නැවැත්විය නොහැකි වූ තැන ඔහු සහ තම සේනාධිපතිවරුන්ට පර්සියන් කුමරියන් විවාහ කර ගැනීමේ මහා විවාහ මංගල උත්සවයක් සූසා(Susa) නගරයේදී පැවැත්වීය. ඩේරියස් රජගේ වැඩිමහල් දියණිය වූ ස්ටැටියිරා(Stateira) කුමරිය සමඟ ඔහු විවාහ විය. හෙපයිස්ටියන්ව රජපවුලට එක්කර ගැනීමේ අරමුණින් ස්ටැටියිරා කුමරියගේ සොහොයුරිය වූ ඩ්‍රයිපේටිස්(Drypetis) කුමරිය ඔහුට විවාහ කරදුන්නේය. එකල ග්‍රීක රජවරුන්ට තිබූ සම්ප්‍රදාය අනුව ගැහැණුන් සමඟද විවාහ වී අවශ්‍ය නම් පිරිමි ආදරවන්තයින්ද තබාගත හැකිව තිබූ බැවින් හෙපයිස්ටියන් සහ ඇලෙක්සැන්ඩර්ගේ ආදරයට මෙම විවාහ ප්‍රශ්නයක් නොවීය. ඇත්තෙන්ම ඇලෙක්සැන්ඩර් සිදුකල මෙම විවාහ හුදු දේශපාලන කරුණු මත සිදුකල ඒවා පමණක්ම විය.

ඩේරියස් රජුගේ ප්‍රියතමයෙක් වූ ෂණ්ඩකයකු(වෘෂණ කප්පාදු කරන ලද්දෙක්) වූ බැගෝස්(Bagoas) රූපයෙන් හෙබි යෞවනයෙක් විය. ඉන්දියාවට ගොස් පැමිණි ඇලෙක්සැන්ඩර් සමඟ කුළුපග වීමට මොහුට හැකිවිය. දිනක් බැගෝස් ගායනයට සහ නර්තනයට රජ මාළිගයේ තිබූ තරඟයෙන් දිනූ විට අනෙක් මැසිඩෝනියානුවන් විසින් ඇලෙක්සැන්ඩර්ට ඔහුව සිපගන්නැයි කියමින් අත්පුඩි ගසා ඇත. එවිට ඇලෙක්සැන්ඩර් විසින් මොහුව මෘදුව සිපගත් බව කියවේ.සමහරු බැගෝස් ඇලෙක්සැන්ඩර්ගේ ආදරවන්තයා යැයි පැවසුවත් ඉතිහාසඥයින් පවසන්නේ එය අවිනිශ්චිත බවයි.

විවාහයෙන් මාස හතරකට ක්‍රි.පූ 324දී පසු ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන් රැස්කරගත් පර්සියානු ධනසම්පත් ලබාගැනීමට එක්බටානා කඳු වෙත ගියහ.හෙපයිස්ටියන් අතරමඟදී උණ රෝගයක් වැළඳී අසනීප වුණු නමුත් එවිට පැවැත්වුණු උත්සව සහ ක්‍රීඩා උළෙලට ඇලෙක්සැන්ඩර්ට, රජු හේතුවෙන් සහභාගී වීමට සිදුවිය. හෙපයිස්ටියන්ගේ රෝග තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණු නිසා ඇලෙක්සැන්ඩර් ඔහුව බැලීමට පැමිණි මුත් ඒ වනවිට පමා වැඩිවිය. හෙපයිස්ටියන් අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුණි. කොතරම් නිර්භීත රණශූර අධිරාජ්‍යයකු වුවත් සිය ආදරය අහිමිවීම ඇලෙක්සැන්ඩර්ට දරාගත නොහැකි වීය. ඔහු හෙපයිස්ටියන්ගේ සිරුර මත වැතිරී දවසක් පුරා කදුළු සලමින් අවසානයේ සිය මිතුරන් විසින් ඔහුව ඇදගෙනයන තුරුම  සිටි බව කියැවේ. එමෙන්ම ඇලෙක්සැන්ඩර් හෙපයිස්ටියන්ගේ මියයාමෙන් දවස් දෙකක් යනතුරු කිසිදු ආහාරයක් නොගෙන සිය සයනයේ හඬමින් වේදනාවෙන් කල්ගත කළබවත් කියැවේ.

ඇලෙක්සැන්ඩර් සිය අධිරාජ්‍යය පුරා ශෝකකාලයක් ප්‍රකාශයට පත්කළ අතර, ඒ අනුව සියලු අශ්වයින්ගේ වලිග සහ කේසර කොටකර කපන්නත්, අසල්වැසි නගරවල ආරක්ෂක පවුරු ඉවත්කරන්නත්, සියලු ආකාරයේ සංගීත භාණ්ඩ තහනමකුත් නියම විය. හෙපයිස්ටියන් විසින් දරන් ලද අශ්වාරෝහක හමුදා ප්‍රධානී තනතුරට වෙනත් අයෙක් පත් නොකරන ලද අතර ඔහුගේ නාමය එහි සදා රැකෙන අයුරින් ඔහුගේ රූපය අශ්ව හමුදාව ඉදිරියෙන් ගෙන යාමට නියම කරන ලදී.
අදටත් දැකගතහැකි එක්බටානාහි සිංහයා ලෙස
හැඳින්වෙන හෙපයිස්ටියන්ගේ සොහොන
ඇලෙක්සැන්ඩර් හෙපයිස්ටියන්ගේ දේහය විශාල ගෞරවාන්විත අවමංගල්‍ය උත්සවයක් වෙනුවෙන් බැබිලන් නුවරට ගෙනයන ලද අතර. ඔහු සහ මිතුරන් විසින් ගමනේදී අවමංගල්‍ය රථය පදවන ලද බව සඳහන්ය.එහිදී ඉදිකළ චිතකයක හෙපයිස්ටියන්ව ආදාහනය කරනලදී. ආදාහනයට පෙර ඇලෙක්සැන්ඩර් ඔහුගේ කොණ්ඩය අගින් කපා සිය අවසන් ත්‍යාගය ලෙස හෙපයිස්ටියන්ගේ දෑත් මත තැබූ අතර ඒ මොහොතේදී රැස්ව සිටි සියල්ලගේම දෙනෙත් කඳුලින් තෙත් විය.

බැබිලන්හිදී හෙපයිස්ටියන් වෙනුවෙන් ක්‍රීඩකයින් 3000කගේ සහභාගිත්වයෙන් අවමංගල්‍ය ක්‍රීඩා උත්සවයක් පවත්වනලද්දේය. ඔහු වෙනුවෙන් අඩි 60ක් උස තට්ටු හතකින් යුත් රන් සොහොනක් ඉදිකිරීමටද ඇලෙක්සැන්ඩර් සැලසුම් කළේය.හෙපයිස්ටියන්ව දේවත්වයට පත් කළ හැකිදැයි අසා ඊජිප්තුවේ සිවාහි ඔරකල් වෙත පණිවිඩ යවනු ලැබුවත් ඔහුව දිව්‍යමය විරුවෙකු ලෙස පමණක් ඇදහීමට අවසර ලැබිණ. මින් සෑහීමට පත් වූ ඔහු හෙපයිස්ටියන් වෙනුවෙන් දේවාල ඉදිකිරීමද ආරම්භ කළේය.මෙමගින් තමන්ට සියලු දෙවියන් සහ විරුවන් වෙසෙන දෙව්ලොවදී හෙපයිස්ටියන්ව මුණ ගැසීමට හැකිවේයැයි ඒ වනවිටත් සියුස් දෙවියන්ගේ පුතු ලෙස නම් ලත් ඔහු විශ්වාස කළේය.
පුරාණ විස්තර වලට අනුව ඉදිකිරීමට නියමිත්ව තිබූ හෙපයිස්ටියන්ගේ රන් සොහොනේ සිතුවමක්
ඇලෙක්සැන්ඩර් තවත් කල් ජීවත් වූවානම් ඔහු විසින් අනිවාර්යයෙන්ම මෙය සාදා නිම කරනවා ඇත.

මේ සියල්ල මැද ඔහුට හෙපයිස්ටියන් නොමැති වේදනාව දැනෙන්නට විය. ඒ නිසාම ඔහු අධික ලෙස මත්පැනට ඇබ්බැහි විය.මෙනිසාත් යුද්ධයේදී සිදුවූ අධික තුවාලවල ප්‍රතිවිපාක නිසාත් ඔහුගේ සෞඛ්‍යය දිනෙන් දිනම පිරිහෙන්නට විය. වැඩිකල් නොගොස්ම ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා හෙපයිස්ටියන්ගේ මරණයෙන් මාස අටකට පසු, උණ රෝගයක් වැළඳී ක්‍රි.පූ.323 දී  බැබිලන් නගරයේදී මිය ගියේය. ඒ වනවිට රොක්සානා බිසව සිව්මසැති ගැබිණියක්ව සිටියාය. අධික වියදමක් යන හෙයින් හෙපයිස්ටියන්ගේ රන් සොහොනද ඔහු වෙනුවෙන් දෙවොල්ද ඉදිකෙරුණේ නැත.

ඉන්පසු රොක්සානා බිසව ඇලෙක්සැන්ඩර්ගේ ශරීරාරක්ෂක ප්‍ර්ඩිකාස්ගේ(Perdiccas) සහයෙන් ස්ටැටියිරා සහ ඩ්‍රයිපේටිස් බිසවුන් මරාදමා මැසිඩෝනියාවට ගියේය. ඈ එහිදී ඔලිම්පියාස් බිසවගේ රැකවරණය ලැබුවාය. එහිදී උපත ලැබූ ඇලෙක්සැන්ඩර්ගේ පුතුට ක්‍රි.පූ 305දී මුළු මහත් අධිරාජ්‍යයම භාරදීමට නියමිතව තිබුණත් කැසැන්ඩර් එම පුතු සහ රොක්සානා බිසව මරා දමමින් මැසිඩෝනියාවේ රාජ්‍යත්වයට පත්විය.උරුමකරුවකු නොමැති නිසා අධිරාජ්‍යය ඔහුගේ සෙන්පතිවරුන් අතරේ බෙදී ගියේය.ඇලෙක්සැන්ඩර්ගේ ගලින් කළ මිනීපෙට්ටිය සෙන්පති ටොලමි විසින් මැසිඩෝනියාවට ගෙන යන අතරමගදී පැහැරගෙන ඊජිප්තුවේ මෙම්පිස් නුවරට ගෙනගියේය.පසුකාලයේ එය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර තැන්පත් කරන ලදී.
ඇලෙක්සැන්ඩර් චිත්‍රපටිය

සිනමා අධ්‍යක්ෂ ඔලිවර් ස්ටෝන්(Oliver Stone) විසින් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ජීවිත කථාව අළලා 'Alexander'නම් චිත්‍රපටියක් නිෂ්පාදනයට සැරසුණේය. එහෙත් ඇලෙක්සැන්ඩර්ගේ සමලිංගිකත්වය නිරූපණය වනවාට අකමැති වූ ග්‍රීක රජය චිත්‍රපටිය රූගත කිරීම සඳහා ග්‍රීසියේ ඉඩ නුදුන්නේය. එනිසා ඔහුට රූගත කිරීම් කරන්නට සිදු වූයේ මොරොක්කෝවේ සහ තායිලන්තයේදීය. සමභීතිකාවෙන් පෙළුණු ග්‍රීක නීතිඥයින් පිරිසක් වෝනර් බ්‍රදර්ස් සමාගමට එරෙහිව නඩු පවරන බවට තර්ජනය කරමින් ඔවුන්ගේම උරුමය පාගාදමමින් මෙය හුදු ප්‍රබන්ධයක් ලෙස චිත්‍රපටිය මුලදී දර්ශනය කරන ලෙස ඉල්ලා සිටිමින් ලිපි පවා ඔලිවර් වෙත එවීය.

කෙසේ හෝ අවුරුදු 15ක උත්සාහයෙන් පසු 2004දී චිත්‍රපටිය නිලවශයෙන් එළිදැක්විණ. එහෙත් එයට හොලිවුඩයෙන් ලැබුණේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. එහි තිබූ සමලිංගික දර්ශන ඉවත්කරන මෙන් චිත්‍රාගාරය වෙත එල්ල වුණු දැඩි පීඩනය නිසා ඔහුට 2007දී චිත්‍රපටියේ යළි සංස්කරණයක් එළි දක්වන්නට සිදුවිය. 

මේ එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයයි.

කවුරුන් කෙසේ කීවද සත්‍යය යටපත් කළ නොහැකිය.ඇලෙක්සැන්ඩර් සහ හෙපයිස්ටියන්ගේ ආදරය ඔවුන්ගේ නාමයන් ඉතිහාසය තුළ පවතින තාක්කල්ම පවතිනු ඇත. 

Monday, June 18, 2012

ලංකාවේ සමරිසි ප්‍රේම ගීත



කොල්ලෙක්ට තවත් කොල්ලෙක් ගැන ආදරයක් ඇති වුණාම කියන්න සින්දු, සමලිංගික ප්‍රේමය ගැන ලියැවුණු සින්දු නැත්ද? ඇයි නැත්තේ 
1.ගහක මල් පිපිලා.

මේක නම් කරුණාරත්න දිවුල්ගනේගේ හුඟක් දෙනෙක් තේරුම දන්න සින්දුවක්.පද රචනය යමුනා මාලිනී පෙරේරාගෙන්. ඉතාම ලස්සනට සමරිසි ප්‍රේමය ගැන පද ගළපලා තියෙන සින්දුවක් කියලා කියන්න පුළුවන්.

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳී කාරණේ මම
තවම නොදන්නෙමි

කතරේ වැලි කට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

ගහක මල් පිපිලා ....

සඳට සදහට සෙනේ පෑ මුත්  
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්

ගහක මල් පිපිලා ....

මේ ගීතයේ අදහස බොහොම ලස්සනට  'වික්‍රමේගේ අඩවිය'  බ්ලොග් එකේ පැහැදිලි කරලා තියෙනවා. ඒක මෙතනින් කියවන්න.

















Friday, June 15, 2012

රිකී මාටින් තමන් සමලිංගිකයෙකු විම ගැන කතාකරයි - 2


රිකීගේ පවුල
භාරකාර මවක් හරහා ලබාගත් නිවුන් දරුවන් දෙදෙනෙකු නිසා 2008 අගෝස්තු  6වන දින රිකී මාටින් පියෙකු බවට පත් විය. පිරිමි ළමුන් වුණු ඔවුන්ගේ නම් වන්නේ මටේයෝ සහ වැලන්ටීනෝ ය.
රිකී ඔවුන් පිළිබඳව අදහස් දක්වයි.

" මගේ දරුවෝ මට එළියට එන්න අවශ්‍ය ශක්තිය ලබා දුන්නා.  ඊටත් වඩා මට තවත් මේක දරාගන්න බැරි වුණා. ඒත් මට අන්තිම තල්ලුව ලබා දුන්නේ මගේ ළමයි. මම එයාලට ඇත්ත කිව්වේ නැත්නම් මම එයාලට බොරු කරන්න උගන්නන්නද?" . මට මගේ පවුල බොරුවක් මත ගොඩනැගෙන්න ඕනෙ නැහැ. මට එයාලට විනිවිද වෙන්න ඕනෙ. එයාලා එයාලගෙ තාත්තා ගැන ආඩම්බර වෙන්න ඕනෙ. එයාලා එයාලගෙ පවුල ගැන ආඩම්බර වෙන්න ඕනෙ".

1. ඔබ කොහොමද දැනගත්තේ ඔබට තාත්තා කෙනෙක් වෙන්න ඕනෙ කියලා?  

මම හිතන්නේ මට හැමවිටම තාත්තා කෙනෙක් වෙන්න ඕනෙ කළා. මට තාත්තාත් එක්ක ලස්සන සම්බන්ධයක් තිබුණා. ලස්සන මතකයන් තිබුණා. මම හැමවෙලාවෙම දැනගත්තා මට පවුලක් ඉඳීවි කියලා.


මේ ඔහු තම දරුවන් ගැන දැක්වූ අදහස්
රිකී ඔහුගේ නිවුන් දරුවන් සමඟ
"මම තාත්තා කෙනෙක් වෙන්න කලින් කවදාවත් උදේ 10ට කලින් නැගිටලා තිබුනේ නැහැ.  මම එයාලට ස්පාඥඥ , ඉංග්‍රීසිවලින් කතා කරනවා. එතකොට එයාලට තේරේවි. උදේ කෑමෙන් පස්සේ ඇඳුම් මාරු කරනවා. එයාලා ටීවි බලනවා. එයාලා යුෂ බොනවා. සාමාන්‍යයෙන් මම ම තමයි මේක කරන්න ඕනෙ. මේක මගෙ ජීවිතේ කොටසක්."

"වැලන්ටිනෝ හරිම හොඳ ළමයෙක්. එයා හැමදේම බෙදා ගන්නවා. එයා අනිත් අයව ඉස්සරහට දානවා.මම හිතන්නේ ඒක හරි හොඳ ගුණයක්. මටේයෝ හරිම සුහද ළමයෙක්. එයා පෙරට යන ළමයෙක්. එයා එයාගෙ සහෝදරයව බලාගන්නවා. එයා තමයි පටන් අරගෙන ප්‍රශ්න අහන්නේ.එයා පොත් වලට ආසයි."
රිකී ඔහුගේ නිවුන් දරුවන් සමඟ
"මට ඕනෙ එයාලා වයස අවුරුදු 15ක් 16ක් වුණාම කියන්න තාත්තේ ඔයා හැමදාම අපිත් එක්ක හිටියා කියලා. එයාලා මගේ ජීවිතයට ගෙනාපු සරල බව තමයි වැදගත්. පහුගිය අවුරුදු 15, 20 පුරාවටම මම ලෝකෙ තියෙන වඩාත්ම මිල අධික, සැපපහසු හෝටල්වල හිටියා. පුද්ගලික ජෙට්, ලීමෝ කාර් වල ගියා. ඒත් ඒක නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ අපි එකිනෙකාගේ ඇස් දිහා බලන් ඉන්නකොට අපි එකිනෙකාට බැඳිලා. අපිට හරි පහසුවක් දැනෙනවා. අපි තුන්දෙනා එකතුවෙලා හරිම අපූරු ආදරයක්, ශක්තියක් ගොඩනඟනවා. ඒක තමයි සරල. ඉතින් ඒක මට දෙන්නේ මගේ ළමයි, මම තාත්තා කෙනෙක් වෙලා ඉන්නකොට".

2. අපි ක්‍රියාවලිය ගැන කතාකරමු. ඔබ තීරණය කළා පියෙක් වෙන්න. ඔබට ඕනෙ කළා ඔබේ ශුක්‍රාණු තවත් දායක මවකගෙන් ලබාගත් ඩිම්බ සමඟ වෙනත් භාරකාර මවකගේ තැන්පත් කරන්න.

මට ඒක හරියට කරන්න ඕනෙ වුණා. මම ඒක ඒජන්සියක් හරහා නීතීඥයින් මාර්ගයෙන් කළේ හැම දේම හරියට වුණා කියලා සහතික කරගන්න.

3.කවුරුවත් දැනගෙන හිටියේ නැද්ද ඒ ඔබයි කියලා?

දරුවෙක් හදාගන්න විවෘතව හෝ පුද්ගලිකව හෝ පුළුවන් වගේ මේකත් ඒ දෙවිදිහටම කරන්න පුළුවන්. නීතීඥයා කිව්වේ භාරකාර මව මේක පුද්ගලිකව කරන්නෙ කියලා. මේක හරිම බහුලයි.කිසිදෙයක් වැරදියට වෙන්නේ නැහැ.මේකෙ විදිහත් එහෙමයි කියලා. සමහර භාරකාර මව්වරු මේකට කැමතියි.මගේ දරුවනුත් ආවෙ එහෙමයි. එයා විවාහක කාන්තාවක්. එයාට ඕනෙ කළා මේක සරලව කරලා ජීවිතෙ ඉස්සරහට යන්න.
මම මගේ දරුවන්ව තියන්නේ කාගාවද කියලා හොයද්දී මම ඈට දුරකථනය හරහා කතාකළා. මම ඇහුවා " ඇයි ඔබ මේක කරන්නේ?" කියලා. ඇය කිව්වා " මම බොහොම ආධ්‍යාත්මික ගැහැණියක්.මට කවදාවත් දෙවියන් වහන්සේ සමඟ කිට්ටු බවක් දැනිලා නැහැ, මට ජීවිතයේ තෑග්ග ඒක කරන්න බැරි වෙන කෙනෙකුට දෙන මොහොතෙදි තරම්.". ඉතින් මම කිව්වා "ඔබ තමයි නියම කෙනා" කියලා.(ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි)

4.ඔබ දැනගෙන හිටියාද ඩිම්බ ලබාදුන්නු දායක කාන්තාව මොනවගේද කියලා? කොහොමද ඇයවම තෝරගත්තේ?

ඔව් ඇත්තෙන්ම(සිනාසෙමින්) . මම ඉතින් පැය ගාණක් තිස්සේ පොත බලාගෙන තේරුවා. ඒත් මට තෝරපු කෙනාගෙ ඇස් සහ හිනාවෙ යම් දෙයක් දැනුණා. ඉතින් මම එයාගෙ විස්තර එයාගෙ පාසල, ලියුම හැම දෙයක්ම බැලුවා.

5.ඉතින් එයා බොහොම හැඩ දක්ෂ කෙල්ලක්.

ඔව්. එයා හරි ලස්සනයි. දක්ෂයි(සිනාසෙමින්)

6.ඔබට මතකද ඔවුන් ඉපදුණු දවස?ඔබ කොහෙද මොනවද කරකර හිටියේ?

මම ගෙදර කෝල් එක එනකම් බලාගෙන හිටියේ. දැන් එයි. දැන් එයි කියලා. ඔව් ටිකක කලබල ගතියකින් හිටියේ. ඉතින් මට කෝල් එක ආවා" ඔයා අද තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ කියලා".ඉතින් මම කාර් එක එලවගෙන රෝහලට ගියා.මම ප්‍රසූති කාමරයේ නෙමෙයි හිටියේ ඊට යාබද වෙනත් කාමරයක.මට ඇහුනා පළවෙනි ඇඬීම.

7.එතකොට දැනුණු හැඟීම මොනවගේද?

මට එයාලව වඩාගන්න ඕනෙ කරන ලොකු හැඟීමක් ඇති වුණා. ඉතින් නර්ස් මට ළමයි ගෙනත් දුන්නා.මම එයාලව අත්දෙකට ගත්තා. මට හරි අදහාගන්න බැරි පුදුම විදිහට ඒක දැනුණා. දෙවියන් වහන්සේ ඉන්නවා වගේ දැනුණා. මේක මහා ආශ්චර්යයක්. ඒ වගේම එයාලා මං වගේ.
මටේයෝ සහ වැලන්ටීනෝ
8.ඉතින් ඔබ දරුවන් ගෙනාවහම ඔබට සියලු දේ ඔබ අතින්ම කරන්න ඔබට ඕනෑ වුණා? ඒ වෙනුවෙන්ම කැප වෙලා. ඒක කොච්චර කල් තිබ්බද? 

සති හතක්(සිනාසෙමින්).සති හතක් නිදාගන්නේ නැතුව හිටියේ.මම තනියෙන් ඉන්නකොට නිදිමතේ වැනෙනවා.

9.ඔබට මේ හරහා මේක කරන පළමුව ඔබේ මවටත්, ලෝකෙ ඉන්න අනික් මව්වරු ගැනත් ලොකු ගෞරවයක් දැනුණාද?

අදහාගන්නත් බැහැ. ලොකු ගෞරවයක්. ඒක අමාරුයි. පේන හැටියට ඒක එන්න එන්නම අමාරු වෙනවා..(ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි)

10.ඔබ ඔවුන්ගෙන් රාත්‍රී දෙකකට වඩා වෙන්වී හිටියේ නැහැ.

ඔව්. රාත්‍රී දෙකකට වඩා නැහැ. එයාලා පළවෙනි වරට ඇවිදිද්දි මාත් එක්ක පාරෙ ඇවිද්දා.

11.ඔවුන්ගේ ජීව විද්‍යාත්මක මව ගැන ඔබ මොකක්ද ළමයින්ට කියන්නේ?

මම එතනට තාම ඇවිත් නැහැ. එයාලා මගෙන් අහයි. මම එයාලට කියාවි මට ඕනෙ ඔයාලා මගේ ජීවිතය වෙන්න. දෙවියන් වහන්සේගේ උදව ඇතුව මට පුළුවන් වුණා ඔයාලා මගේ ජීවිතයේ කොටසක් කරගන්න. මම ඒකෙන් තමයි පටන් ගන්නේ. මම හිතන්නේ පවුලක් ගොඩනැගිලා තියෙන්නේ ආදරය මත. එතකොට අපි, මම ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයි.ඒක තමයි වැදගත්ම දේ.හැම පවුලක්ම එක සමාන නැහැ. හැම පවුලක්ම වෙනස්. අම්මයි තාත්තයි ඉන්න පවුල් ඉන්නවා. අම්මලා දෙන්නෙක් ඉන්න, තාත්තලා දෙන්නෙක් ඉන්න, එක අම්මෙක්. එක තාත්තෙක් ඉන්න පවුල් ඉන්නවා. මම තමයි අම්මා. මම තමයි තාත්තා. මම මගේ උපරිමය කරනවා. ඔයාලා ආඩම්බර වෙලා ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ, මට තම්යි අපූරුම පවුල තියෙන්නේ කියලා.මම නවීන පවුලක කොටසක් කියලා.

12. ඔබ කියලා තියෙනවා ඔවුන්ට ඔවුන්ගේ අම්මා බලන්න ඕනෙ කිව්වහම ඔබ ඔවුන්ට කියනවා කියලා" ඔයා ඇය දිහා තමයි බලන් ඉන්නේ" කියලා.( රිකී ඇතුළු ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි)

"මට මගේ අම්මා මුණගැහෙන්න ඕනෙ"කියලා කිව්වහම මම කියනවා"ඔව්.හමුවීම සතුටක්".

රිකීගේ එළියට ඒම ගැන අනෙකුත් සමරිසියන් විසින් දක්වන ලද අදහස් කීපයක්.

"මම ගෙදර හිටියේ  බ්‍රසීලයේ ඉන්න මගේ අම්මා බලන්න. අපි ප්‍රවෘත්ති බලමින් හිටියේ. එතකොට කිව්වා පොප් ගායක රිකී මාටින් සමරිසියෙක් බව ඔහු විසින් කියලයි කියලා. මම අම්මගෙන් ඇහුවා "මමත් සමරිසි නම් අම්මා මොකද කරන්නේ කියලා?". අම්මා කිව්වා" මම ඔයාට වෙනදා විදිහටම ආදරේ කරයි" කියලා. මම ඒ මොහොත එනකම් මගේ මුළු ජීව්තේම බලන් හිටියා."

"ඔහු එළියට ආවහම මම මා ගැන හිතන විදිහ සම්පූර්නයෙන් වෙනස් වුණා.මම ඔහුට ස්තූති කරන්න ඕනෙ ඔහුට ඒක කරන්න ධෛර්යය තිබීමත් ඒ නිසා මගේ වෙනස් වීම ගැනත්"

"මම එළියට ආවේ 1992දී ඒත් මගේ අම්මා මගේ පුද්ගලික ජීවිතය ගැන වැඩි ප්‍රශ්න ඇහුවේ නැහැ.ඒත් හැමෝගෙම ආදරය ලබන සුප්‍රසිද්ධ රිකී මාටින් එළියට ආවාහම ඒක බලකළා මගේ අම්මට මගේ පුද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න අහන්න. මට ඒකෙන් පළමුවරට මගෙ අම්මත් එක්ක කවදාවත් නොදැනුණු තරම් බැඳීමක් දැනුණා. ඔබේ අම්මා ඔබව සම්පූර්ණයෙන් පිළිගත්තහම ඔබ කවුද කියලා, ඔබට සම්පූර්ණයෙන්ම ඔබව දැනෙනවා. මට අන්තිමේදි සම්පූර්නයෙන්ම විශ්වාසයක් සහ මිනිහෙක් වගේ දැනෙනවා.ඊට වඩා අඩුවෙන් දැනෙන්නේ නැහැ"

"රිකී මාටින් වගේ ප්‍රසිද්ධ කෙනෙක් එළියට ආවාහම, අපිටනම් ලතින් ඇමරිකානු කෙනෙක් එළියට ආවහම, ඒක හැමදේම වෙනස් කළා. දැන් අපි අතරින් කෙනෙක් එළියට ආවහම කලින්ට වඩා පිළිගැනීමක් තියෙනවා. ඔහු අපි වගේ අනික් අයට අවශ්‍ය මාවත හැදුවා."

"මට මේ දැනෙන හිතේ සතුට සහ සාමය ගැන දැන සිටියා නම් මම මීට අවුරුදු 10කට කලින් ඒක කරනවා. ඒත් හැමෝම යන්නේ තමාගෙම කියලා ගමනක, ඒක මගේ කාලය වුනේ නැහැ."යනුවෙන් රිකී ඒ පිළිබඳ අදහස් දැක්වීය.

13. ඔබ මේ පොතේ අන්තිමට ලියලා තිබ්බ ඡේදය කියවනවාද, ඔබේ ළමයින්ට දැනෙන්න ඕනෙ විදිහ ගැන?

මම දැන් සම්පූර්ණයි. මගේ පවුලට, මගේ යහළුවන්ට සහ මගේ පෙම්වතාට  මම කවුද කියන එක නියම විදිහට දෙන්න මම සූදානම්.  මට ඕනෙ මේ පොත මගේ ළමයි  විසින් යම් දවසක කියවලා  මම ඔවුන්ගේ පියා වීමේ සතුට විඳින ආධ්‍යාත්මික සංචාරය දැනගන්න. මට ඕනෙ මගේ හදවත සම්පූර්ණයෙන්ම එයාලට විවෘත කරන්න.  ඒ නිසා අනිවාර්යයෙන්ම අනාගතයේදී ඔවුනුත් ඒ දෙයම කරන්න කවදාවත් බිය වෙන එකක් නැහැ.

රිකී ඔහුට වයස අවුරුදු 13දී කළ රූපවාහිනී හමුවකුත් ඔහු විසින් එලිදක්වන ලද නවතම ගීතයත් වැඩසටහනේදි ඉදිරිපත් කරන ලදී.

Tuesday, June 12, 2012

රිකී මාටින් තමන් සමලිංගිකයෙකු වීම ගැන කතා කරයි - 1



රිකී මාටින්
රිකී මාටින් යනු සිත් බඳිනා හඬත්, ආකර්ෂණීය රංගනයත්, කඩවසම් පෙනුමත් නිසා ලොව පුරා ගීත රසික රසිකාවියන්ගේ හිත් බැඳගත් ලෝක ප්‍රසිද්ධ ස්පාඥඥ සහ ඉංග්‍රීසි පොප් ගායකයෙකි. වයස අවුරුදු 12 පටන් මෙනූඩෝ සංගීත කණ්ඩායම හරහා ගීත ගායනය ඇරඹි රිකී, 1999 දී ග්රැමී සම්මානය දිනා ගනිමින් ප්‍රසිද්ධියට පත්වීය.
ඉන්පසු ඔහු විසින් ඉදිරිපත් කළ Livin' La-Vida Loca ඇල්බමය හරහා ඔහු ලෝක ප්‍රසිද්ධියට පත්වූ අතර දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඉදිරියේ ලොව පුරා ප්‍රසංග ඉදිරිපත්කරමින් මුළු ලොවක් සංගීතයෙන් වසඟයට පත් කළේය. ජනප්‍රිය සඟරාවල මුල් කවරය ඔහුගේ රුවින් සැරසුනේය. ඔහුගේ මුළු සංගීත දිවිය පුරාම සුන්දර තරුණියන් වේදිකාවෙත් ඉන් පිටතත් ඔහුව පිරිවරාගත් නමුදු ඔහුගේ ලිංගිකත්වය පිළිබඳ කටකතා පැතිර යාමෙහි අඩුවක් නොවීය.
2010  මාර්තු 29 දින ඒ සියලු කටකතා නිමාවට පත් කරමින් ඔහු සිය වෙබ් අඩවියේ මෙසේ ලියා පළ කළේය.

" මා වාසනාවන්ත සමලිංගික මිනිසෙකි.  මා මාම වීමට තරම් භාග්‍යවන්ත වී ඇත."

ඉන්පසු ඔහු 'ME' නමින් තම ජීවිතය පිළිබඳ ස්වයං චරිතාපදානයක් එළි දැක්වීය.පහත දැක්වෙන්නේ තමා සමරිසියෙකු බව හෙළිකිරීමෙන් පසු පවත්වන ඔහු පෙනී සිටි පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවයි.  Oprah Winfery Show නම් එම ජනප්‍රිය ඇමරිකානු රූපවාහිනී වැඩසටහන තුළදී ඔහු විසින් සමරිසියෙකු ලෙස දක්වන ලද අදහස් ඔබේ ලිංගිකත්වය කුමක්වුවත් ඔබ ඇසිය යුතු යැයි මම විශ්වාස කරමි. විශේෂයෙන්ම සමරිසියන්ට ඔහුගෙන් ආදර්ශයට ගතහැකි දේවල් බොහොමයක් ඇති බව කිව යුතුය.

විනෝදයෙන්ද පිරි එම වැඩසටහන පහත වීඩියෝවෙන් බලන්න. ඔහු තමා පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයකින් කතා කරන බවක් ඔබට පෙනේවි.


පසුව Access holywood රූපවාහිනී වැඩසටහන හරහාද ඔහු දැක්වූ අදහස් මෙම වීඩියෝවෙන් බලන්න.


පහත දැක්වෙන්නේ ඔහුගෙන් අසන ලද සමහරක් ප්‍රශ්නවලට ඔහු විසින් ලබාදෙන ලද පිළිතුරු ය.වැඩසටහන් දෙකේදීම අසන ලද ප්‍රශ්න සහ ඒවාට ලබා දුන් පිළිතුරු මුසු කොට ඇති බව සලකන්න.
රිකී සම්මුඛ සාකච්ඡාවේදී
1.අවුරුදු ගණනක් මේ ගැන වසන් කරලා ඇයි එදා එහෙම වෙබ් අඩවියේ පළ කළේ?


මට තවත් මේක දරාගන්න බැරිවුනා. ඇත්තෙන්ම ඒක හරිම වේදනාකාරීයි. ඒත් වැදගත්ම දේ වුනේ මගේ ළමයි.මම එයාලව මගෙ අත් දෙකෙන් වඩාගෙන ඉන්නකොට මම කොහොමද එයාලට බොරු කරන්න උගන්නන්නේ කියලා හිතුනා. මම තාත්තා කෙනෙක් වෙන්න ඉස්සෙල්ලාම මම කවුද කියන එක මම පිළිගත්තා. මම කවුද කියන එක ගැන මම සතුටු වුණා.  මම ළමයි වඩාගෙන ඉන්නකොට මට හිතුනා මේක තමයි මම ගැන ලෝකෙට කියන්න තියෙන වෙලාව කියලා.

2. ඒ ගැන ලියලා ඊමේල් කලාට පස්සේ මොනවගේද දැනුනේ?

මට මම පණ නැතිවුණාවගේ දැනුනා.(සිනාසෙමින්)

3.ඒ ගැන ඔබ බය වුනාද?

නැහැ. ඇත්තෙන්ම මට ලොකු නිදහසක් දැනුනා.  මම එතකොට ස්ටුඩියෝ එකේ හිටියේ , එතකොට මගේ සහයකයා ආවා. මම පොඩි දරුවෙක් වගේ අඬන්න ගත්තා. ඒත් ඔහු මගෙ අත් දෙකෙන් අල්ලගෙන " ඒකට යන්න දෙන්න. අන්තිමේදි ඔයා නිදහස් වුණා" කියලා කිව්වා.

4. ඇයි ඔබ ඇඬුවේ?
රිකී කදුළු සමඟ සටන් කරමින්
මොකද මට දැනුනා මම නිදහස් වුණා කියලා. මම විමුක්තියක් ලැබුවා කියලා. මට දැනුනා මට අන්තිමේදි කියන්න පුළුවන් කියලා මම මට සම්පූර්නයෙන්ම ගොඩක් ආදරෙයි කියලා.(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්).  මම අවුරුදු ගණනක් තිස්සේ ලෝකෙට වෙනම කෙනෙක් වගේ මවා පෑවා. මොකද මම හැදී වැඩුණ හැටි නිසා , බොහොම ගතානුගතික ලෝකයක. බොහොම ගතානුගතික සංස්කෘතියක.

5. ඔබ ආගම දහමට ලැදිද?


 ඇත්තෙන්ම ඔව්. ඒත් අවාසනාවකට වගේ මගේ ආගම කිව්වෙ මගේ හැඟීම් වැරදියි කියලයි. පිරිමින්ට මගේ තියෙන හැඟීම්, ආකර්ෂණය වැරදියි කියලයි.මගේ ආගමේ මිනිසුන් විසින් සකස් කරන ලද නීති වලට අනුව සමලිංගික වීම දුෂ්ට කමක්, පාපයක් ( බයිබලයට අනුව සමලිංගිකත්වය පාපයකි)

6.ඔබට ඔබ සමරිසියෙක් කියා හැමවිටම දැනුණාද? 
රිකී කුඩා කාලයේදී
ඇත්තෙන්ම ඔව්. මට හැමවෙලාවකම ආකර්ෂණයක් දැනුණා. වයස අවුරුදු 4දි 5දි ඉඳලම මට දැනුණා.මට යම් දෙයක් දැනුණා. ඒ රසායනය දැනුණා.ඒත් හැමෝම කියන්නෙ ඔබට දැනිය යුතු දෙය ඒක නෙමෙයි කියලයි.  මම පාසලට ගිහිල්ලා ආපු පලමු දවසෙදිම හැමෝම මගෙන් ඇහුවෙ ඔයාට ගෑණු යාළුවො කී දෙනෙක් ඉන්නවද කියලයි.ඔබ දන්නවා ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒත් මම දීපු උත්තරය වුනේ " මොකක්, මට තේරෙන්නෙ නෑ මොනවද ඔයා කියන්නෙ කියලා".
යොවුන් වයසෙදි මම තමයි කෙල්ලක් නැතුව හිටියා එකම කෙනා. මගෙන් යාළුවො අහනවා "දැන් කාලෙ හරි කෙල්ලෙක් දාගන්න" කියලා. ඒත් මට කියාගන්න දෙයක් නැතුව හිටියේ. මම මොනවා කියන්නද? හරිම කෙල්ල හම්බෙනකම් ඉන්න ඕනෙ වගේ කියලයි හිටියේ.

7. 2000 වසරේදී තිබ්බ කටකතා අනුව මාධ්‍යවේදී බාබරා වෝල්ට්ස් කෙලින්ම ඇසුවා ඔබෙන් "මේ කටකතා නවත්වන්න ඔබට පුළුවන්. ඔබ සමරිසිද? නැද්ද?" කියලා. ඒත් ඔබ දුන්නු පිළිතුර වුනේ "මම හිතන්නෙ නෑ මම සමරිසිද? නැද්ද? මම කා එක්කද නිදාගෙන තියෙන්නෙ කියලා කාටවත් කිව යුතුයි කියලා". ඒ ගැන අහද්දි ඔබට කොහොමද දැනුණෙ?.ඔබ ලියූ ස්වයං චරිතාපදානයේ කියලා තියෙනවා ඒ මොහොතෙදි හැමදේම බොඳවෙලා ගියා කියලා.නිකන් ලොකු පාරක් ඔළුවට ගැහුවා වගේ දැනුනා කියලා.
2000දී බාබරා වෝල්ට්ස් සමඟ
ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මට ඇය ගැන ලොකු ගෞරවයක් තිබුණා.ඇය ඉතා හොඳ මාධ්‍යවේදිනියක්. ඇය කරමින් හිටියෙ ඇගේ රස්සාව. ඇත්තෙන්ම මට දැනුණෙ මට ඈ දිගින් දිගටම ගහනවා වගේ.මට තිබුණා මේ වගේ දේවල් වලට කියන්න හදාගත්ත දෙයක්. "මම හිතන්නෙ නෑ මම මේ ගැන කතා කළ යුතුයි කියලා.   මේක පෞද්ගලික දෙයක්. මම හැමදේම වේදිකාව මත කරනවා. මම මිනිස්සුන්ට කියන්න ඕනෙද මම ඇඳට යන්නේ කා එක්කද "වගේ දෙයක් මම කියන්න පුරුදු වෙලා හිටියා.
මම තවමත් විශ්වාස කරනවා ඕනෑම පුද්ගලයෙකුට තමන්ටම කියලා පෞද්ගලිකත්වයක් තිබිය යුතුයි කියල. ඒත් ඇය අහගෙන අහගෙන ගියා. ඈත්තෙන්ම මම ඒවෙනකොට ලෑස්ති වෙලා හිටියේ නෑ . ඒක මගෙ මොහොත නොවෙයි.

8. ඒ සම්මුඛ සාකච්ඡාවෙන් පස්සෙ ඔබට ලජ්ජාවක් අසහනයක් වගේ දැනුණද?


මට තරහක් දැනුණා පස්සෙ. මට දැනුණා මාව ආක්‍රමණය කරලා වගේ. මේක මෙහෙම අහපු පළවෙනි වතාව නෙමෙයි. ඒත් මේක ලොකු රූපවාහිනී වැඩසටහනක්, ඔස්කාර් උළෙලට කලින් තිබ්බ prime time oscar එකක්. ඉතින් ඒක ඊට පස්සේ ආපු හැම මාධ්‍යවේදියෙකුටම අයිතියක් ලබා දුන්නා ඒ ප්‍රශ්නය අහන්න.හරියට නිකං මටයි එයා ඒ ගැන කියන්නෙ වගේ.එතකොට මම කිව්වෙ මම බාබරා වෝල්ට්ස්ට කිව්වෙ නැත්නම් ඔබට කියයිද වගේ දෙයක්. ඒත් මම ලෑස්තිද මම ගැන ලෝකෙට කියන්න?. සමහරවිට මම කවුද කියල මම ම හරියට දැනගෙන හිටියේ නැතිවෙන්න පුළුවන්.

9.ඔබේ පොතේ කියල තියෙන ආකාරයට නිතරම අහපු මෙම සමරිසි ප්‍රශ්නය නිසා ඔබව ඇත්තටම සත්‍යයෙන් ඈතට අරන්ගියා.

මොකද සමලිංගිකත්වය බොහොම අපකීර්තිමත් විදිහටයි සලකනු ලැබුවේ. මිනිස්සු මගේ ලිංගිකත්වය දිහා සමච්චලයෙන් බලන්න පුරුදු වෙලා හිටියා.මම හිතුවෙ මට එහෙම වෙන්න ඕනෙ නැහැ. ඒ මමද?මට මාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෙ වුනා.ඔබට කියන්න මම හිතන්නෙ මම මටම වෛර කළා. එහෙමයි ඔබට හිතෙන්නෙ. ඒකයි මම බලකරලම කියන්නේ කවුරුවත් එළියට එන්න ලෑස්ති නැතිනම් එයාට ඒකට බලකරන්න එපා කියලා. දැන් අපිට හමුවෙනවා පුද්ගලයින් සමරිසි බව නිසා සමාජයෙන් හිරිහැර විඳින.ඒ වගේම අපිට හමුවෙනවා එළියට එන්න බලකරන නිසා සියදිවි හානි කරගන්න පුද්ගලයින් ගැන. ඒක බොහොම දරුණුයි. ඔබ ලෑස්තිවුණාම ඔබ බොහොම ආධ්‍යාත්මික ක්‍රියාවලියකට මුහුණ දෙන්න ඕනෙ. ඊට පස්සේ ඔබට ඒක පුදුමාකාර විදියට දැනෙනවා..(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්)

10. ඔබ මේ බව ලෝකෙට කියන්න කලින් දෙමාපියන්ට කියලයි තිබුණේ. එතකොට ඔබ පිරිමියෙක් එක්ක පළවෙනි වරට ආදරයෙන් බැඳිලා අතිශයින් කණගාටුවට පත් වෙලයි හිටියේ.ඒ ගැන කිව්වොත්?

ඔව් මම පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳිලා හිටියෙ ඒ වගේම මට හැමදේම අතහරින්න ඕනෙ වුණා.මම ඔහුට කිව්වා.අපි වෙනකොහාට හරි ගිහින් ජීවත් වෙමු. අපි යුරෝපයට යමු. ආසියාවට යමු.මම මගේ සංගීත ජීවිතය අතහරින්න ලෑස්ති වෙලයි හිටියේ.මොකද මම හැමෝටම කියන්න ලෑස්ති වෙලා නෙමෙයි හිටියේ. මට පුදුම විදිහට ඒ ආදරය දැනුණා. එතකොට ඔහු කිව්වා අපි මේක කරන්න ඕනෙ නැහැ කියලා.
ඔබේ ජීවිතයේ ඉදිරි ගමන පැහැදිලියි. ඔබට මිනිස්සු ගොඩක් ආදරෙයි.මට ඒකට බරක් වෙන්න බෑ. අපි දෙන්නා අතර මොකක් හරි වරදක් වුණොත් ඔබ ඒ ගැන මට දොස් කියයි. එහෙමයි ඔහු කිව්වෙ. මේවා හරි ලස්සන වචන. සමහර විට මම ඔහුට ආදරේ තරම් ඔහු මට ආදරේ නැතිවෙන්න ඇති. ඒත් මම කිව්වා මට තේරෙනවා.ඔබට මාත් එක්ක ඉන්න ඕනෙ නැහැ.
මගෙ හදවත කැඩිලා මම ගොඩක් දුකින් හිටියෙ. පස්සෙ අම්මා මගෙන් ඇහුවා."මගෙ පුතේ ඔයා කා එක්ක හරි ආදරෙන්ද ඉන්නේ" කියලා. මම කිව්වා "ඔව් අම්මේ" කියලා. "ඒ පිරිමියෙක් එක්කද?"."ඔව් අම්මෙ පිරිමියෙක් එක්ක". අම්මා කිව්වා." මං ඔයාට ආදරෙයි. වද වෙන්න එපා. එන්න.මාව බදාගන්න.මම හැම වෙලාවකම ඔයත් එක්ක ඉන්නවා"කියලා.(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්)
රිකී කුඩා කළ මව සමඟ
11. මේකද අම්මත් එක්ක ඔබේ ලිංගිකත්වය, පිරිමින්ට තියෙන ආකර්ෂණය ගැන ඇතිවුණු පළමු කතාබහ?

ඔව්. මේක වුණේ මට හුඟ කාලෙකට කලින්. මට එතකොට අවුරුදු 20ක් 21ක් විතර ඇති. පස්සේ ඈ මට කිව්වා හැම දේම හරියාවි. පස්සේ ඈට විනාඩියක් විතර ගියා තේරුම් ගන්න. පස්සේ ඈ ගොඩක් ඇඬුවා. මගෙ පුතාට මොකක් වෙයිද? එයාගෙ සංගීත ජීවිතයට මොකක් වෙයිද? කියලා. අවාසනාවකට වගේ ඒ කාලෙ මිනිස්සු ලෑස්ති නැහැ. අවාසනාවකට වගේ අපිට තවමත් සමභීතිකාව කියන දේට මූණ දෙන්න වෙලා තියෙනවා.

12.ඒත් ඔබේ අම්මා ඔබව වැළඳගත්තා. ඔබේ තාත්තත් එහෙම කළා?


හරිම අපූරු තාත්තා කෙනෙක් මට ඉන්නෙ. ඔහු මනෝ වෛද්‍යවරයෙක්. මම ඔහුට කියන්න ගියහම් ඔහු කිව්වා" පුතේ ඔයා වචනයක් වත් කියන්න ඕනෙ නැහැ. මම ඔයාට ආදරෙයි. මට ඕනෙ ඔයා සතුටින් ඉන්නවා දකින්න" කියලා.
රිකීගේ පියා
රිකීගේ ස්වයං චරිතාපදානයට අනුව ඔහු තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ඇතුළතින් අරගලයක නිරත වී සිට ඇත.


"අවුරුදු ගණනක් තිස්සේ මට කියාදෙනු ලැබුවේ මට දැනෙන විදිහ අත්වැරැද්දක් කියලයි.මට කියා දෙනු ලැබුවේ මගේ හැඟීම් දුෂ්ටයි කියලයි.ඉතින් මම මගේ හැඟීම් මට හැකිතරම් නවත්වන්න උත්සාහ කළා. මම හුඟක් වෙලාවට නින්දට යනවිට මටම වෛර කළා.රහසක් සඟවාගෙන ඉන්න නිසා ලොකු අසතුටක් දැනුණා. සමහර වෙලාවට වේදිකාව මත ඉන්නකොට හිස් බවක් දැනුණා. සමහර වෙලාවල් තිබුණා මට හිතුණා මම බොහොම නරක පුද්ගලයෙක් කියලා.මම මටම ප්‍රමාණවත් නැහැ කියලා."

13. ඒක නේද හැම සමරිසියෙකුටම දැනෙන්නේ " මම වටින්නේ නැහැ. මම හොඳ මදි" කියලා?


වඩාත්ම දුක හිතෙන කාරණය වෙලා තියෙන්නේ වයස 17ක් විතර වන ළමුන් මේ බව අත්විඳිනවා.වයස තිස්ගණන්වල ගැහැණු පිරිමි මේ බව අත්විඳිනවා. මිනිස්සු ජීවිතය ගතකරනවා තමන්වම පිළිගන්නේ නැතුව.

14. ඔබ හිතන්නේ නැද්ද සමරිසි පුද්ගලයින් වැඩි වැඩියෙන් එළියට ඇවිල්ලා ඒ ගැන කතාබහ කිරීම, ඒ බව හැඟෙන යෞවනයින්ට බලාපොරොත්තුවක් විතරක් නොව ප්‍රබෝධයක්.සමරිසි හැමෝම එළියට ආවොත් එය ලෝකයම වෙනස් කරයි කියලා.

මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්)

15.ඒත්  ඔබේ පොතේ මට වටහාගන්න බැරි ඔබට කාන්තාවන් සමඟ තිබූ සරාගී ආදර සම්බන්ධතාවන්. උදාහරණයක් හැටියට ගත්තොත් "කාරණය තමයි මම මේ කාන්තාවට කැමැති බව පමණක් නොවෙයි .මේ කාන්තාව මාව උන්මාදයට පත් කළා. මට හැඟුණු ආකර්ෂණය, ආශාව, කායික සරාගී බව මාව හැමඅතින්ම ඉරා දැමුවා. කායික රසායනය උතුරාගියා. ඇය ගමන් කළ ආකාරය, අපි දෙදෙනාම ගමන් කළ ආකාරය මාව පිස්සු වැට්ටුවා. " ඒ මොකක්ද ඒ?

මම මේ පොත ලියන කොට, මම හිතුව දේ තමයි මම මම නොවුනු කෙනෙක් හැටියට බොරුවට මවා පාන්න හිතුවෙ නැහැ. මම මගේ ආත්මය වළදමමින් හිටියේ.ඔව් මට දැනුණා.මට කාන්තාවන් සමඟ දැනුණා.මට සරාගී බවක් දැනුණා.

16.එතකොට ලිංගික......?

ඔව්. ඒක හොඳට දැනුණා.(ප්‍රේක්ෂකාගාරයත්, රිකීත් සිනාසෙයි). ඒ වගේම මට විශ්වාසයි ගැහැණුන් හමුවෙන්න ගිය එකම සමරිසි පිරිමියා මා පමණක් නොවන බව. ගැහැණුන් කෙරේ ආකර්ෂණයක් දැනුණු එකම සමරිසි පිරිමියාත් මම නොවන බව. මම කවදාවත් බොරු කියන්නේ නැහැ. මම අනිවාර්යයෙන් කියන්න ඕනෙ මාත් එක්ක හිටිය කාන්තාවන් ගැන, මට දැනුණා, මට හොඳට දැනුණා. මට හොඳට දැනුණා.  මට පුදුම විදිහට දැනුණා. මම විකාරයක් නෙමෙයි කළේ.

17.ඔව් මට තේරෙනවා.මොකද ඔබ එලියට ආවට පස්සේ ඔබත් එක්ක හිටිය කාන්තාවන් අසාවි."ඒ මොකක්ද ඒ" කියලා.( ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි)
අපි ලිංගිකත්වය වර්ණාවලියක් විදිහට ගත්තොත් සමහරු ඉන්නවා සම්පූර්ණයෙන්ම 10 ඉන්න. සමහරු ඉන්නවා 10ත් 8ත් අතර, සමහරු මැද ඉන්නවා.මට හිටියා හොඳ සමරිසි යාළුවෙක්, ඔහු කිව්වේ ඔහුට කාන්තාවක් එක්ක ලිංගිකව හැසිරෙන්න තියෙන එකම විදිහ මිනිහෙක්ගේ රූපයක් ඇඳේ තියාගෙන කියලා,( රිකී ඇතුළු සියල්ලෝම සිනාවෙති), ඒ වගේම සමහර පුද්ගලයො ඉන්නවා ඔබ වගේ, ලිංග දෙකත් එක්කම ලිංගිකව හැසිරෙන්න පුළුවන් 
රිකී එහිදී සිනාසුනු අයුරු
මම ද්විලිංගික නැහැ. මම සමලිංගික පිරිමියෙක්.(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්). ඒත් අවුරුදු ගණනක් තිස්සෙ මම හිතුවෙ ද්විලිංගිකයි කියලා.ඉතින් මම පැටලිලා හිටියේ. මම කාන්තාවන් එක්ක ඉද්දි හැම දේම සර්වසම්පූර්ණයි. ප්‍රේක්ෂකයො ගොඩක් ආසා කළා මම කාන්තාවන් එක්ක ඉන්නවා දකින්න. ඉතින් මම හිතුවා මම කොහොමහරි මේදේ කරනවා කියලා.

18. ඔබට පිරිමියෙක් එක්ක ඉන්න තියෙන හැඟීම යටපත්කරන්න ඔබ කාන්තාවන්ව සමහරවිට පාවිච්චි කළාද?


සමහරවිට. සමහරවිට ඔව්. මට සමහරවෙලාවට ඇත්තටම කාන්තාවන් කෙරේ ආදරයක් ඇතිවුණා. මට කාන්තාවන් එක්ක දිග සම්බන්ධකම් තිබුණා. ඇත්තෙන්ම අදටත් එයාලා මගේ යාළුවෝ.

19.  ඔබේ ලිංගික ප්‍රතිරූපය නිර්මාණය කිරීමට ඔබත් ක්‍රියාකළා. ඔබ කාන්තාවන් එක්ක වේදිකාව උඩ බොහොම සරාගී විදිහට නර්තනයේ යෙදෙනවා.
රිකී වේදිකාව මත කාන්තාවන් සමඟ නර්තනයේ යෙදීම
මම වේදකාව මත ඉන්නකොට මට හොඳ කාලයක් ගතකරන්න ඕනෙ වුණා. සමහරවිට නිදහස් සංස්කෘතියක මම හිටිය නිසා වෙන්න ඇති. මම මගේ හැඟීම්, සිතුවිලි සංගීතයක් එක්ක ගලාගෙන යාමට ඉඩ හැරියා. ඔව් අපිත් මිනිස්සු. එන්න අපි නටමු. විනෝදවෙමු. මම ප්‍රේක්ෂකයො ඉදිරියේ මොකක් හරි නර්තනයක් කරලා පෙන්වුවහම. මට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.එතකොට මම ඒක ආයෙ කරනවා. මොකද මම ඒ ප්‍රතිචාරයට කැමතියි. එහෙමයි මට හොඳ විනෝදකාමියෙකු ලෙස දැනෙන්නේ.

20.කටකතා පැතිරෙන්න ගත්තහම ඔබ බියට පත්වුනේ නැතිද?


කටකතා පැතිරෙන්න ගත්තහම මම හිතුවේ මිනිස්සුන්ට මේ ගැන අමතක වෙලා යාවි කියලයි.

21. කටකතා පැතිරෙන්න ගත්තහම, ඔබ දන්නවා එතකොට ඔබට පිරිමි එක්ක සබඳතා තිබුණා.ඔබ බිය වුණේ නැත්ද ඔවුන් පෙරට ඇවිත් කතා කරයි කියලා?


ඒත් එයාලා කිසි දෙයක් කීවෙ නැහැ.ඔව් මම බය වුණා.ඒත් මට වෙලාවකට හිතෙනවා මම කරන්නේ හරි දෙයක් තවත් වෙලාවකට හිතෙනවා මම කරන්නෙ වැරදි දෙයක්. මම ඇත්තටම පැටලිලා හිටියේ නිකං වළාකුලක් ඇතුලේ ඉන්නවා වාගෙ. මොනවා වෙනවාද කියලා දන්නේ නැහැ. පස්සේ මට එයාලව මුණගැහුණාම මම මුකුත් කරේ නැහැ , අමතක වුණා වගේ හිටියා.

22. ඔබ ඔබේ පොතෙන් කියනවා ඔබ සියල්ල අතහරින්න සූදානම් වී ආදරෙන් බැඳුන කෙනා ඔබේ ගමන පැහැදිලියි කියා ඔබව ප්‍රතික්ෂේප කළහම ඒ වේදනාව ඔබව තවත් සත්‍යයෙන් ඈතට රැගෙන ගියා කියලා.

ඔව්. හරිම වේදනාකාරීයි. මොකද මගෙ හදවත බිඳිලා තිබුණෙ. මම එතකොට තරුණයි. මට ඒ දවස්වල හදවත බිඳිලා දැනුණ හැඟීම හරිම අඳුරුයි.  මට කවදාවත් ආයෙ එහෙම දැනෙන්න ඕනෙ කළේ නැහැ. මම ඒ හින්දා කාන්තාවන් එක්ක දෙයක් පටන් ගන්න ඕනෙ කියලා හිතුවා. සමහරවිට මේක කියනවා වෙන්න පුළුවන් මේක මගෙ මාවත නොවෙයි කියලා, මට වෙනස් වෙන්න පුළුවන් කියලා.

23.ඔබ දැනට සබඳතාවකද ඉන්නේ?

රිකී ඔහුගේ පෙම්වතා වූ කාලොස් ගොන්සාලෙස් සමඟ
මම දැනට සබඳතාවකයි ඉන්නේ. ඒක මට පුදුම විදිහට දැනෙනවා..(ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොලසන් නාදයක්)

මේ තියෙන්නේ ඔබ ෆ්ලොරිඩාවේදී ඔබේ පෙම්වතා පිළිබඳව දෙක්වූ අදහස්

මම දැනට බොහොම ලස්සන සම්බන්ධතාවක ඉන්නේ. ආදරය සිද්ධවෙන්නේ ඔබ එය අඩුවෙන්ම අපේක්ෂා කරන විටයි. මම ආදරයක්  නෙමේ සම්බන්ධතාවකුයි හොය හොය හිටියේ . මම කලින් හිටිය විදිහ ගැන සතුටින් හිටියේ. එක පාරටම "පපාං......." කියලා ආදරය ආවා. ඒක ඔබට ගොඩක් දේවල් හිතන්න සලස්වනවා. මට කියන්න තියෙන්නේ ඔහු මගේ ළමයින්ට ආදරෙයි. මගේ ළමයි ඔහුට ආදරෙයි. ඒක එන්න එන්නම හොඳ තත්වෙට එනවා.

24. සමලිංගික විවාහය නීතිගත කළොත් ඔබ විවාහ වෙනවාද?

අපි දැනට ඒක කතාකරන දෙයක් නෙවෙයි. ඒත් මට විවාහයත් විකල්පයක් හැටියට ඕනෙ.  මම මගේ බදු ගෙවනවා. ඒක සිවිල් අයිතියක්. සමහර පවුල් වලට ඒ කඩදාසිය අත්සන් කිරීම හුඟක් වැදගත්. මම ඒ අයිතිය වෙනුවෙන් සටන් කරනවා. මට ඒ විකල්පය දෙන්න.

25. මම ඔබේ  ස්වයං චරිතාපදානයට හුඟක්ම කැමති ඒක ඇත්තටම දැනෙන්නේ  ආධ්‍යාත්මික සංචාරයක් වගෙ නිසයි. ඔබ මේ පොතේ බොහොම ලස්සනට කියලා තියෙනවා බියෙන් ජීවත් වීම ගැන. ඔබ මොනවද මේ ආධ්‍යාත්මික සංචාරයෙන් ඉගෙනගත්තේ බියෙන් ජීවත් වීම ගැන ?

ඒ ඔක්කොම තියෙන්නේ ඔබේ හිසේ. ඔබ ඔබේ අවිනිශ්චිත හැඟීම වලට ඉඩදුන්නොත්, නොමඟ යන්න, ඔබ ඉඩදුන්නොත් මිනිස්සුන්ගේ අනාරක්ෂිතභාවයන් තුළින් ඔබේ අනාරක්ෂිතභාවයන් වැඩෙන්න අරින්න, ඒක තමයි. ඔබ බියෙන් මිදෙන්න ඕනෙ. ලෝකෙට මූණ දෙන්න ඕනෙ. ඔබ කණ්ණාඩිය ඉස්සරහට ඇවිල්ලා ඔබටම කියාගන්න ඕනෙ "මම ඔබට ආදරෙයි. කිසිවක් විසින් ඔබව විනාශ කරන්නේ නැහැ. ඔබව වැටෙන්නේ නැහැ"කියලා.

26. මොකක්ද ඔබ තීරණය කළ මොහොත"මම තවදුරටත් මේ බොරුවේ ජීවත් වෙන්නේ නැහැ. මම තවදුරටත් මම නොවන කෙනෙක් මවා පානේනේ නැහැ"කියලා?

මම හිතන්නේ මම ඇඳට යනකොට මම මටම වෛර කළා. මට ආයෙ එහෙම කරන්න ඕනෙ වුණෙ නැහැ. ඔබ ඔබේ පවුලත් එක්ක කරපු දේවල්, කරපු පුණ්‍ය කටයුතු, ලබාදුන්නු ආදරය දිහා බලද්දි ඔබ කොහොමද ඔබටම වෛර කරන්නේ. ඒක තමයි. වෛරය කියන එක බොහොම දරුණු වචනයක්. ඒත් ඔව් මට වෛරය දැනුණා.

27. මේ ක්‍රියාවලියේදී මේ පොතේ කියනවා, මැඩෝනා ඇවිත් කියනවා." සම්මුඛ සාකච්ඡා නවත්වන්න. මිනිස්සු දැනටම දන්නවා ඔබ කවුද කියලා", ඒත් ඔබ සඳහන් කරලා තියෙනවා ඔබට ඒක තේරුණේ පස්සේ කියලා. ඒ ගැන කිව්වොත්?

ඈ කිව්වා මොහොතකට වේදිකාවෙන් එළියට ඇවිත් වෙන්නේ මොකක්ද  බලන්න කියලා.මොකද මම එතකොට වැඩවලමයි හිටියේ. මම වැඩ නවත්වලා මොහොතකට හරි නිශ්ශබ්ද වුනෝතින් හුඟක් දේවල් එනවා. මම ලෑස්ති වෙලා හිට්යේ නැහැ එතකොට මගේ සිරුර, හැඟීම් කියන්නේ මොකකටද කියලා. ඈ කිව්වා "ටිකකට වේදිකාවෙන් එළියට එන්න. ඔබට විවේකයක් ඕනෙ.මිනිස්සු දන්නවා ඔබ කවුද කියලා. ඇයි මේ සම්මුඛ සාකච්ඡා කරන්නේ කියලා.

රිකී ඔහුගේ නිවුන් දරුවන් ගැන කතා කරන වැඩසටහනේ  ඉතිරි  කොටසේදී ඇසූ ප්‍රශ්න මීළඟ ලිපියෙන්..






Sunday, June 10, 2012

ලාංකිකයින් සමරිසියන්ව දකින හැටි.




පහත දැක්වෙන්නේ විවිධ ලාංකීය බ්ලොග් අඩවිවල සමලිංගිකත්වය කතාබහට ලක් වී ඇති අයුරුය. මෙහිදී සමලිංගිකත්වය  උපහාසයට, ගර්භාවට, විවේචනයට මෙන්ම බුද්ධිමත් සංවාදයටද ලක් වී ඇත. සැලකිය යුතු බ්ලොග් කියවන්නන් පිරිසක් සමලිංගිකත්වය පිළිබඳ ඇත්ත දන්නා බව පෙනෙන නමුදු, සමලිංගිකත්වය පිළිබඳ යල් පැනගිය මතයන් දරන ඒ පිළිබඳ අප්‍රසාදය පළකරන නොදැනුවත් පුද්ගලයින්ද, තමන් අකමැති ඕනෑම දෙයකට සොයා නොබලා බනින මිනිසුන්ගෙන්ද, ස්ත්‍රී සමලිංගිකත්වය පමණක් ප්‍රිය පිරිමි කුහකයින්ද, සමභීතිකාවෙන් පෙළෙන්නවුන් බහුතරය බව පෙනී යයි.
 ඔබත් සමලිංගිකයෙක් නම් මේ ලිපි කියවා කළකිරෙන්න හෝ පසුතැවෙන්න එපා.උපහාසයෙන් ගර්භාවෙන් ලබාදී ඇති ප්‍රතිචාර මනසට ගන්න එපා. සමාජය කෙරෙහි වෛර බඳින්නටද එපා. නොදැනුවත් පුද්ගලයින් කෙරේ අනුකම්පාවෙන්, උපේක්ෂාවෙන් බලන්න. මේ ලිපිවලට දී ඇති ප්‍රතිචාර වලින් පිළිඹිබු වන්නේ සමාජයේ යථා ස්වභාවයයි.
ඉවක් බවක් නොමැතිව කාමාශාවන් පසුපස දුවන පිරිසත්, ළමා කාමාතුරයනුත් නිසා මේ වැරදි මත ඇතිව ඇති බව පෙනීයයි. අප සියල්ල අන්තර්ජාලය හරහා එක්වී නිවැරදි මතය සමාජ ගතකරමු.  සමලිංගිකත්වය යනු හුදු රාගෙයෙන් පිරි ලිංගික ක්‍රියාවක් හෝ මානසික රෝගයක් හෝ නොව සමාන ලිංගය ඇති දෙදෙනෙකු අතර ඇතිවන ආදරයෙන් යුත් බැඳීමක් බව අපි පෙන්වමු.
පහත දැක්වෙන්නේ එම ලිපි සඳහා අන්තර්ජාල සබඳතාවයයි. ඔබත් කියවීමට කැමතිනම් කියවන්න.

 සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී ලාංකිකයකුට එක්සත් ජනපදය රැකවරණ සපයයි

පුතාගෙන් තාත්තාට ලැබුණු අපූරු තෑග්ග.[සත්‍ය සිදුවීමකි]
සමලිංගිකත්වය I
 සමලිංගිකත්වය II

 මම සුදු වෙන්නේ – ඔබ කළු හින්දයි
ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
ඇඳුම් ගැලවීම

සමලිංගිකත්වය සහ ශ්‍රී ලාංකික නීතිය

විෂම ලිංගිකයන්ගේ අයිතිය තහවුරු කරනු !!!!!!!

 සමලිංගිකත්වය

ආප්ප ගැසීම සහ කොල්ලන් වැදීම

සමලිංගිකයන්ව එල්ලා මැරිය යුත්තේ ඇයි?

 Homosexual Elephants - Gay (වල්) අලි....

සමලිංගිකත්ව භීතිකාවට එරෙහි වෙමු?

සමලිංගික පත්තර සදාචාරය

සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන

ඔබාමා සමලිංගික විවාහය පිළිගනී
ඔබාමා සමලිංගික වුනාට මට නම් බෑ – රොමිනි

Gay Promotions in Sri Lanka

ඉරානයේ සමලිංගිකයන් තුර්කිය දෙසට පලා යාම සහ ලංකාව ඉරානය දෙසට ඇවිද යාම.

"සමරිසි" පිළිබඳ ආයූර්වේද විවරණයක්.

අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප
කතා, ආප්ප කඩේට ගිනි තියයි
බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි

Brokeback Mountain (2005) | ආදරය යනු සොබාදහමේ බලයකි [සිංහල උපසිරැසි සමඟ]

Brokeback Mountain; The Movie

 සමලිංගිකයෝ සහ වාමාංශිකයෝ

"අමුතු ඉලන්දාරියා" ෂ්‍යාම් සෙල්වදුරයි සමග කතාබහක්

 ආප්ප, ගේ සීන් වල විද්‍යාත්මක පදනම

සමලිංගික-බව-හංගන්න

සෞඛ්‍ය ඇමතිතුමනි, සිරකරුවන් අතර උපත් පාලන කොපු බෙදා හැරීමට වහා පියවර ගන්න

විකෘති කාමාශාවන් ජනිත කරවන ග්‍රහ පිහිටීම්

සමලිංගික ‍සේවනය පිළිබදව සිංහල ‍බෞද්ධ ප්‍රවාදයක්

සමලිංගිකයින් වැඩියිලු?චීන මාධ්‍යය හෙළිදරව්වක්!

සමලිංගිකයින් සමාජ විරෝධීන්ද ???

"ගේ" උන්ට දෙන දඬුවම මොකක්ද?

සමලිංගිකයන්ව එල්ලා මැරිය යුත්තේ ඇයි?

කවි බූන්දි|සඳුන්

සමලිංගිකත්වය පිටුපෑ යුත්තක්ද?

සමලිංගික ඇසුරක අවසානය (අසම්මතයේ ඇත්ත කතාවක් )

සමලිංගිකත්වය - භීතිකාවෙන් ඔබ්බට..

ලුබ්රිකේටන් ඡෙල් වලට සහ ඩිල්ඩෝ වලට ලංකාව බය ඇයි.?

සමලිංගිකයන්ට කුමක් කල යුතුද ? (18+)

ශ‍්‍රී ලංකාව සමලිංගිකයන්ට සලකනවා මදි – එංගලන්තය

සමලිංගික සම්බන්ධතා

පිරිමි ගණිකා නිවාසයක් පළමු වරට වටලයි
මාතරින් මතුවූ අමුතු ආදරය












Saturday, June 9, 2012

මිනිසුන් සමරිසි වී උපදින්නේද?


පිරිමි සමලිංගිකත්වය ඇතිවන්නේ දුරින් සිටින පියෙකු සහ ඉතා ළඟින් සිටින මවක් නිසානොවන බවත් සහ කුඩා කළ පිරිමියෙකු අතින් අතවරයට ලක්වීම නිසා නොවන බවත් මේ වනවිටත් බටහිර විද්‍යාවෙන් පිළිගෙන හමාරය. සමලිංගිකත්වයට හේතු සාධක සෙවීම සඳහා විද්‍යාඥයින් දැන් යොමුව සිටින්නේ ජානමය සහ හෝමෝනමය සාධක වෙතටය. දරුවෙකු මව් කුස තුළ හැදී වැඩෙන විට එම කළලය තුළ පරිසරය දරුවෙකුගේ ලිංගිකත්වය තීරණය කිරීමෙහිලා වැදගත් කාර්යයක් සිදුකරන බව නවතම මතයයි.

නැෂනල් ජියෝග්‍රැපික් චැනලය සමලිංගිකත්වයේ ජීව විද්‍යාත්මක පදනම පරීක්ෂා කරයි.
සෙල්සෝ සහ හේසුස්, කළු පාටින් ඇඳගෙන සිටින්නේ සෙල්සෝය.


මෙහි දැක්වෙන සෙල්සෝ සහ හේසුස් කාර්ඩේනස් කුඩා කල සිටම එකට ඇතිදැඩි වුණු සර්වසම නිවුන්නු වෙති. වයසින් වැඩෙත්ම මොවුන් දෙදෙනාගේ බාහිර පෙනුම එක සමාන වුවත් දෙදෙනාගේ රුචි අරුචිකම් එකිනෙකින් වෙනස් වන්නටවිය. සෙල්සෝ නර්තනයට සහ ඉගෙනීමට උනන්දුවක් දැක් වූ අතර හේසුස් ක්‍රීඩාවලට උනන්දුවක් දැක්වීය. එහෙත් පුදුමසහගත කරුණ නම් සෙල්සෝ සමලිංගිකයෙකු වීමත් හේසුස් විෂමලිංගිකයෙකු වීමත්ය. සර්වසම නිවුන්නු දෙදෙනෙකුගේ ලිංගිකත්වය එකිනෙකින් වෙනස් වීම ජීව විද්‍යාවේ විවාදාත්මක ප්‍රශ්නයක් වන "මිනිසුන් සමරිසි වී උපදින්නේද?" ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම සඳහා යොදාගත හැකිය.

සෙල්සෝ සහ හේසුස් කුඩා කළ සිටම තම දෙමාපියන් යටතේ ඇති දැඩිවූ නිසා සිය පුද්ගලික ජීවිතවල වැඩි ප්‍රමාණයක්  එකම පරිසරයක දෙදෙනාම හැදීවැඩී ඇත.අධ්‍යයනවලින් තහවුරු වී ඇති ආකාරයට, ඔබට සමරිසි නිවුන් සහෝදරයෙකු නැතිනම් සමරිසියෙකු ලෙස ඔබ ඉපදීමේ සම්භාවිතාව සියයට 5ට අඩුය.එසේ සිටී නම් සම්භාවිතාව ඉහළ යයි. ඔබ සිය සමරිසි නිවුන් සහෝදරයාගේ ජානවලින් අඩක් සමාන වන විෂම නිවුන් දරුවෙක් නම් සමරිසියෙකුවීමේ සම්භාවිතාව සියයට 25කි.ඔබ එම සමරිසි නිවුන් සහෝදරයාගේ ජාන සියල්ල සමාන සමනිවුන් දරුවෙක් නම් සමරිසියෙකුවීමේ සම්භාවිතාව සියයට 50කි.

මෙනිසා අපේ ලිංගිකත්වය තීරණය කරන කිසියම් ජානමය සංඝටකයක් තිබිය යුතු බව මෙය අඟවයි. නමුත් ජානමය සාධක පමණක්ම නිසා ලිංගිකත්වය තීරණය වේයැයි නිගමනය කළ නොහැකිය.  මන්දයත් එසේනම් සියලුම සමනිවුන්නු යුගල්වල එක්කෝ දෙදෙනාම විෂමලිංගික විය යුතුය. නැතිනම් දෙදෙනාම සමලිංගික විය යුතුය. එනිසා වෙනත් සාධකද මෙයට බලපෑ යුතුය.

පළමු සති කීපයේදී ගර්භාෂය තුළ ඇති කළලය එකම අයුරින් වැඩෙයි.  ඉදිරියේදී කිසිවක් නොවුනහොත් මේ කළලය ගැහැණු දරුවෙකු බවට පත්වෙයි. කළලය y *ක්‍රොමොසෝම සහිත පිරිමි කළලයක් නම් වෘෂණ කෝෂ නිර්මාණය වීම කළලයට සති 6ක් ගතවන විට ඇරඹෙන අතර වයස සති 8ක් වන විට ඉන් ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය මුදා හැරීම ඇරඹෙයි. ටෙස්ටෙස්ටරොන් හෝමෝනය  සිරුර හා මොළය පුරුෂත්වකරණයට ලක් කරනු ලබයි. මොළයේ ඇති හයිපොතැලමස මගින් අප ලිංගිකව ආකර්ෂණය වන්නේ කාටද යනවගේ යම් ප්‍රමාණයක් ඉන් පාලනය කරනු ලබන අතර,  සමහර විද්‍යාඥයින් විශ්වාස කරනු ලබන්නේ හයිපොතැලමස වැඩියෙන් ටෙස්ටෙස්ටරෝන්වලට නිරාවරණය වන තරමට ගැහැණුන්
කෙරේ ඇති ආකර්ෂණයද වැඩි වන බවය.

ඇතැම්විට පිරිමි කළලයෙන් අවශ්‍ය තරම් ටෙස්ටෙස්ටරොන්  නිපදවනු ලබන්නේ නැති අතර,නැතිනම් මොළය විෂමලිංගිකබවට පත්වීමට තරම් එය ටෙස්ටෙස්ටරොන් අවශෝෂණය කරගනු ලබන්නේද නැත. මේ න්‍යාය සත්‍යනම් සෙල්සෝගේ කළලය සිරුර පිරිමියෙක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය තරම් ටෙස්ටෙස්ටරොන් අවශෝෂණය කරගනු ලැබුවත්, මොළය විසින් අවශ්‍ය තරම් අවශෝෂණය කර නොගන්නට ඇත. එනිසා ඔහුට පිරිමින් කෙරේ රුචියක් ඇතිවන්නට ඇත.

DNA අණුවේ පිහිටීම සහ ව්‍යුහය
බොහොමයක් අභිරහස් ඉතිරිව තිබුණත් මෙවැනි නිවුන්නු මගින් කෙනෙකුගේ ලිංගිකත්වය කවදා කෙසේ තීරණය වන්නේදැයි දැනගැනීමට විද්‍යාඥයින්ට මහත් සේ උපකාරී වනවා ඇත.

*අපිජානවිද්‍යාවට(epigenetics) අනුව මොවුන්ගේ DNA කේත එක සමාන වුවත් එය ක්‍රියාකරන ආකාරය එකිනෙකින් වෙනස් විය හැකිය.මානව *ජෙනෝමයේ(genome) ජාන 25000ක් පමණ ඇති අතර ඒ සෑම එකකටම ශක්තිය නිපදවීම, සෛල බෙදීම වැනි එකිනෙකින් වෙනස් වූ විශේෂිත කාර්යයක් ඇත.දැන් ජාන විද්‍යාඥයින් විසින් ජෙනෝමයේ කලින් නොදන්නා කරුණක් වන අපිජෙනෝමය(epigenome) පිළිබඳව පරීක්ෂණ කරනු ලබන අතර, අපිජෙනෝමය යනු එක් එක් ජානය අක්‍රීය හෝ සක්‍රීය තත්ත්වයට පත්කරනු ලබන ස්විච ලෙස ක්‍රියාකරන රසායන ද්‍රව්‍ය ශ්‍රේණියකි. මේ ස්විච අතරින් සමහරක් DNA methylation නම් ක්‍රියාවලිය මගින් ක්‍රියාකරනු ලබයි. සෛලය තුළ ඇති *එන්සයිමයක් මගින් ඉතා කුඩා රසායනික සංයෝගයක්
අපිජෙනෝමය මගින් ජාන සක්‍රීය හෝ අක්‍රීය කිරීම
වන මෙතිල් කාණ්ඩයක් ජානයට ඈදනු ලබයි. මේ සංයෝගයට ජානය අක්‍රීය හෝ සක්‍රීය කිරීමට හැකිය. ජානයේ සහ DNA කේතයේ කිසිදු වෙනසක් සිදු නොවේ.

 මේ අයුරින් පූර්ව අවධියේදී ජාන අක්‍රීය හෝ සක්‍රීය වීම  මගින් මිනිසාට සිදුවන බොහොමයක් දේවල් පැහැදිලි කරගත හැකිය. උදාහරණයක ලෙස කෙනෙකුට රෝගයක් වැළඳෙද්දී තවත් කෙනෙක් ඊට ප්‍රතිශක්තිය දක්වන්නේ කෙසේද යන්නය.  අපිජානවිද්‍යාව මගින් කෙනෙකුගේ ලිංගිකත්වය තීරණය වන්නේ කෙසේදැයි කියාද පැහැදිලි කරගත හැකි විය හැක.මැස්සන් වැනි සරල සතුන්ගේ ලිංගිකත්වය තනි ජානයක් මගින් තීරණය වන බව හඳුනාගෙන තිබුණද, මිනිසුන් වැනි සංකීර්ණ සතුන්ගේ එයට ජාන කිහිපයක් බලපෑ හැකිය. කෙනෙකුගේ ලිංගිකත්වය තවමත් හඳුනානොගත් ජාන මගින් තීරණය වන්නේනම් අපිජෙනෝමය මගින් එම ජාන සක්‍රීය හෝ අක්‍රීය තත්වයට පත්කිරීම මත කෙනෙකුගේ ලිංගිකත්වය තීරණය විය හැක. එවන් ජාන හඳුනාගෙන නොතිබූ පමණින් එවැන්නක් නැතැයි ප්‍රකාශ කළ නොහැකි අතර මානව ජෙනෝමයේ ජාන සියල්ල ශ්‍රේණිගත කළ පමණින් එක් එක් ජානය වෙන්වෙන් වශයෙන් ක්‍රියාකරයිද එමගින් කුමන කාර්යයක් ඉටුවේද යන්න කිවනොහැකිය.  මේ ජාන ස්විච, සර්වසම නිවුන් යුගලයක එක් කළලයක් වැඩියෙන් ටෙස්ටෙස්ටරොන් අවශෝෂණය කරගෙනෙ එක් දරුවෙක් විෂමලිංගිකයෙකුත් තවත් දරුවෙක් සමලිංගිකයෙකුත් බවට පත්වන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුර විය හැකිය.

මෙයින් පැහැදිලි වන්නේ අපේ සෞඛ්‍යය, පෙනුම, රුචිය, පෞරුෂය සියල්ලම ජානවල සහ පරිසරයේ ප්‍රතිඵල නොවන බවය.  සොබාදහම සහ පෝෂණය අපිජෙනෝමය නැමැති ජීව ව්ද්‍යාත්මක සබැඳියාවෙන් එකිනෙකින් බැඳී  එය සිදුවන බවය.

*ක්‍රොමෙසෝම යනු සෛල න්‍යෂ්ටියේ DNA රඳවා ගෙන සිටින කොටස් දෙකයි. මිනිසාට ලිංගික ක්‍රොමොසෝම යුගල් දෙකක් ඇතුළුව ක්‍රොමොසෝම යුගල් 24ක් ඇත.
*අපිජානවිද්‍යාව යනු කෙනෙකුට උපතින් උරුම වන ලක්ෂණවලට ජානවලට අමතරව හේතු සාධක පැහැදිලි කරන විද්‍යාවයි.
*ජීවියෙකුගේ පූර්ණ DNA අනුක්‍රමය ජෙනෝමය වේ.
*එන්සයිමයක් යනු විශේෂිත ජීව රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා සෛලය විසින් නිපදවනු ලබන සංකීර්ණ ප්‍රෝටීන වේ.

මේ පිළිබඳ පැහැදිලි කෙරෙන වීඩියෝව මෙතැනින් බලන්න.


Wednesday, June 6, 2012

සමලිංගික ප්‍රේම කතාවක්


රෝමියෝ-ජුලියට්, ෂාජහාන්-මුම්ටාස්, රාමා-සීතා, සීසර්-ක්ලියෝපැට්රා මේ ලොව සුපතල ආදර කතා කීපයකි.ඒත් පිරිමි දෙදෙනෙකු අතර ඇති වුණු සමලිංගික ප්‍රේම කතා ලෝක ඉතිහාසයේ ඇතැයි ඔබ මඳකටවත් සිතුවාද?. ග්‍රීක යුද විරුවන් දෙපළක් වූ අකිලීස් සහ පැට්‍රොක්ලස්(Achilles and Patroclus) අතර සුප්‍රකට දස අවුරුදු ට්‍රෝයි යුද්ධය සිදුවූ ක්‍රි.පූ. 1194 - 1184 අතර කාලයේ ඇතිවුනු ප්‍රේමය ඉන් තවත් එක් කතාවකි.සුප්‍රකට ග්‍රීක සාහිත්‍යධර හෝමර්ගේ ඉලියඩ් කාව්‍යයේ මේ කතාව මැනවින් විස්තර කර ඇත.
අකිලීස් පැට්‍රොක්ලස්ගේ අතෙහි තුවාලයකට ප්‍රතිකාර කරමින්
සිටීම දැක්වෙන සිතුවමක්

එකළ පුරාතන ග්‍රීසියේ පාතියාවේ මයමිඩෝනස් නම් ගෝත්‍රයේ රජු වූ පීලියස්(Peleus) සහ තීටිස්(Thetis) බිසවට දාව අකිලීස්  කුමරු උපත ලැබීය.  අකිලීස්ගේ බිළිඳු අවධියේදී ඔහුව ස්ටික්ස් ගඟේ ගිල්වා අමරණීය තත්ත්වයට පත්කිරීමට තීටිස් බිසව උත්සාහ කළේය. එහෙත් ඇය බිළිදාව ගිල්වීමේදී විලුඹෙන් අල්ලාගෙන සිටි බැවින්, විලුඹ ඇරෙන්නට සිරුරේ අනෙක් සියලුම කොටස් අමරණීය තත්ත්වයට පත්විය. තවත් කතාවක කියවෙන ආකාරයට ගින්නෙන්පුළුස්සා බිළිදාව අමරණීය තත්ත්වයට පත් කිරීමට උත්සාහ කිරීමේදී එතැනට පැමිණ එය වැළැක්වූ පීලියස් රජු නිසා කෝපයට පත් බිසව මාළිගාව හැර ගිය බවය.
පසුව ශිල්ප ඉගැන්වීම සඳහා පීලියස් රජු වනයේ විසූ නරතුරඟුන්ගේ රජු වූ චිරෝන්(Chiron) වෙත කුඩා අකිලීස්ව පිටත් කළේය. ඔහු යටතේ කුඩා අකිලීස් වලසුන් ඇසුරින් දිරිමත් බවද, මුවන් ඇසුරින් වේගයද පුරුදු පුහුණු කළේය. යන්තම් සය හැවිරිදි වන විට සිය පළමු දඩයම කරන්නට සමත් වූ අකිලීස් ක්‍රමයෙන් නිර්භීත, කඩවසම්, වේගවත් විරුවෙක් බවට පත්වීය.ප්ලේටෝ විසින් අකිලීස්ව හඳුන්වාදෙන ලද්දේ ට්‍රෝජන්වරුන්ට එරෙහිව සටන් කළ වඩාත් කඩවසම් විරුවා ලෙසිනි.
අකිලීස් ශිල්ප හදාරමින්....

මේ අතරතුර යොවුන්වියේ පසුවූ පැට්‍රොක්ලස් සමඟ දාදු ක්‍රීඩාවක යෙදී සිටියදී ඇතිවූ ආරවුලකදී අත්වැරදීමකින් ඔහුගේ මිතුරෙකු මරණයට පත්විය. පළිගැනීමේ චේතනාවෙන් තම පුතු මරණයට පත්කරතැයි බියවූ පියා වූ මිනෝටියස්( Menoetius) රැකවරණය පතා පැට්‍රොක්ලස් පුතු සමඟ තම යහළුවෙකු වූ පීලියස් රජු වෙත පළාගියේය. දෙදෙනාට රැකවරණය සැපයූ රජු, පූජා උත්සවයක් පවත්වා පැට්‍රොක්ලස් අපරාධයේ පාපයෙන් පාරිශුද්ධත්වයට පත්කළේය. තවද පැට්‍රොක්ලස්ව ශිල්ප ඉගෙනීම හමාර කර පැමිණි අකිලීස්ට පරිවාර සඟයකු ලෙස පත්කළේය.
පැට්‍රොක්ලස් අකිලීස්ට වඩා තරමක් වැඩිමහල් වුවද යොවුන්වියේ පසුවූ ඔවුන් දෙදෙනා ඉක්මනින්ම හොඳ මිතුරන් බවට පත්වූහ. එහෙත් පසුව එම මිතුරුදම, ආදරයෙන් යුත් බැඳීමක් බවට පත්වීය. දිනෙන් දින දෙදෙනාගේ ප්‍රේමය වැඩීගියේය.එකළ ග්‍රීසියේ සමලිංගිකත්වය, විෂමලිංගිකත්වය යනුවෙන් සංකල්ප නොවූ අතර පිරිමින් දෙදෙනෙකු අතර ඇතිවන ආදරය අතිශය පූජනීය බැඳීමක් ලෙසට සලකන ලදී. එය ගැහැණු පිරිමි ආදරය මෙන්ම සාමාන්‍ය දෙයක් ලෙසට සලකනු ලැබූ අතර එනිසා ඔවුන් දෙදෙනාගේ ආදරයට කිසිදු බාධාවක් නොවීය.දිනෙන් දින ආදරය දළුලා වැඩීගිය අතර දෙදෙනා අතර තිබූ මිතුදම එය තවත් ශක්තිමත් කළේය.ග්‍රීක සාහිත්‍යයට අනුව ඔවුන් ආදරය කරන ලද්දේ කලවා අතරේය.(They made love between the thighs)

ට්‍රෝයි බලා ඇදෙන ග්‍රීක නැව්
මේ අතර ට්‍රෝයි නුවර පැරිස් කුමරු සමඟ ස්පාටාවේ මෙනෙලෝස්(Menelaus) රජුගේ බිසව වූ හෙලන්(Helen) කුමරිය ට්‍රෝයි නුවරට පළායාම හේතුවෙන්, ග්‍රීසියේ පෞරරාජ්‍ය සියල්ලම එකට එකතු වී ට්‍රෝයිනගරයට එරෙහිව යුද්ධයට සැරසුනේය.අකිලීස් සහ පැට්‍රෝක්ලස් ට්‍රෝයි බලා නැව් නැගි හමුදාවට එක්වී ගමන් ආරම්භ කළේය. නැවේදී ප්‍රේමයෙන් වෙළුනු ඔවුන් දෙදෙනා එයින් පසු එකිනෙකාට වෙන්වී ජීවත්විය නොහැකි තරමට ලං වූහ.දෙවියන්ට යාඥා කළ අකිලීස් අප දෙදෙනාට මේ සියලු මිනිසුන්ගෙන් මිදෙන්නට හැකි වේවායි ඉල්ලා සිටිබව ඉලියඩ්හි සඳහන් වී ඇත.

 මහත් දුෂ්කරතා මැද ට්‍රෝජන් වෙරළට ළඟා වූ ග්‍රීක හමුදාව එතැන් පටන් ට්‍රෝජන්වරු සමඟ යුද්ධය ඇරඹීය. එහිදී ට්‍රෝයි රජු ප්‍රයම්(Priam)ගේ පුතු වූ ට්‍රොයිලස්(Troilus)අකිලීස් අතින් මරණයට පත් වීය.ට්‍රෝයි බලකොටුව ශක්තිමත් නිසා පහරදීමට තරම් අපහසුබව වටහාගත් ග්‍රීක හමුදාව ඊළඟ වසර නවය පුරාම අවට නගර අල්ලාගැනීමේ නිරත වූහ. අකිලීස් නිතරම සටන් පෙරමුණට පැමිණ සටන් කළ අතර ඔහුගේ නායකත්වය යටතේ ග්‍රීක හමුදාව සටන් වලින් ජයගත් අතර ට්‍රෝජන් නගර විස්සකට වැඩි සංඛ්‍යාවක් අල්ලාගත හැකිවිය. යුද්ධය ඇරඹී වසර නවයක් ගතවී අවසන ලිනරස්( Lyrnessus ) නගරය බිඳවැටුණු අතර එහි සිටි බ්‍රයිසෙස්(Briseis) කුමරිය හා ධන සම්පත් අකිලීස් අතට පත්විය. බ්‍රයිසෙස් කුමරිය වහලෙක් ලෙස යොදාගත් මුදු ග්‍රීක හමුදාවේ අණදෙන්නා වූ ඇගමෙම්නොන්(Agamemnon) ඇයව පැහැරගෙන දූෂණය කළේය. මෙයින් තමාට කළ අවමානය නිසා අකිලීස් නැවත යුද්ධයට නොඑන බව දිවුරා ඉන් ඉවත් විය. මේ නිසා ග්‍රීක හමුදා දිනෙන් දින පරාජයට ලක් වූ අතර මෙයින්කළකිරීමට පත් ඇගමෙනොන් බ්‍රයිසෙස් කුමරිය නැවත ලබා දෙන බව පැවසුවත් අකිලීස් එයට කැමති වූයේ නැත.

මේවන විට ට්‍රෝජන්වරු විසින් ග්‍රීක හමුදාව වෙරළ දක්වා පළවාහරිනු ලැබතිබූ අතර ග්‍රීක නැව්වලට ගිනි තැබීමට සූදානම් වෙමින් තිබුනි. මේබව දැනගත් පැට්‍රොක්ලස් තමන්ට අකිලීස්ගේ යුධ සන්නාහය දෙන ලෙසත් එය දුටු විට ට්‍රෝජන්වරු බියවනු ඇතිබවත් පැවසීය. ඊට එකඟ වූ අකිලීස් නැව්වලින් ට්‍රෝජන්වරු පළවා හැරි විගස නැවත පැමිණෙන ලෙස දන්වා ඔහුව යුද්ධයට පිටත් කර හැරියේය. නමුත් එම අවවාදය නොතැකූ ඔහු ට්‍රෝජන්වරුන්ට එරෙහිව සටන් කරමින් ට්‍රෝයි නුවර ප්‍රාකාරය දක්වාම පළවා හැරියේය. එහිදී ට්‍රෝජන් සෙබළුන් 53දෙනෙක් ඔහු අතින් මැරුම් කෑ බව සඳහන් වේ. එහෙත් පැට්‍රොක්ලස්, ට්‍රෝයි නුවර ප්‍රයම් රජුගේ වැඩිමල් පුතු වූ හෙක්ටර්(Hector)  විසින් එල්ල කරන ලද හී පහරක් නිසා ඛේදනීය ලෙස මරණයට පත්විය. අකිලීස්ගේ යුද සන්නාහය හෙක්ටර් අතට පත් විය.
පැට්‍රොක්ලස්ගේ සිරුර ගෙන ඒම දැක්වෙන කැටයමක්

අකිලීස් එම පුවත ඇසූ විට ඔහු පොළොවේ හැපි හැපී වේදනාවෙන් හඬා වැළපුණේය. ඔහුගේ මිතුරන් විසින් පැට්‍රෝක්ලස්ගේ සිරුර යුද පිටියෙන් ගෙන ආවිට එය මිහිදන් කිරීමට අකිලීස් ඉඩ නොදුන්නේය.ඔහු මළසිරුර මත වැතිරී එය දෙඅතින් බදාගෙන ඉකිබිඳමින් සිටින විට ඔහුගේ මව වූ තීටිස් අකිලීස්ව සනසන්නට විය.එහෙත් තමන් නිසා ඔහුගේ ජීවිතය නැතිවූ බව අකිලීස් තමන්ටම දොස් පවරාගනිමින් ඔහු ගැනම සිතා නොකා නොබී ළතැවෙන්නට විය.


පැට්‍රොක්ලස්ගේ මරණය හමුවේ වැළපෙන අකිලීස්

" ඔබේ කලවවලට ඇති මාගේ පිවිතුරු හැඟීම ගැන ඔබට කිසි සැලකිල්ලක් නැත. අප නිතරම ගත් හාදු සියල්ලට පසු ඔබ ගුණමකු වී ඇත"
("You had no consideration for my pure reverence of your thighs, ungrateful after all our frequent kisses")
මෙසේ පවසමින් ඔහු සිරුර බදාගෙන වැළපුණු බව ග්‍රීක සාහිත්‍යයේ සඳහන්ය.

තම පෙම්වතා මැරීමේ පළිය ගන්නට නව යුද සන්නාහයෙන් සැරසී අකිලීස්  නැවතත් ට්‍රෝයි යුද්ධයට පිවිසියේය. කෝපයෙන් වියරු වැටී සිටි අකිලීස්, හෙක්ටර් පසුපස ට්‍රෝයි ප්‍රාකාරය වටා තුන්වරක් ලුහුබැන්ඳේය. අවසානෙයේදී  අකිලීස් විසින් හෙක්ටර්ව මරා දමනු ලැබීය. ඔහුගේ කෝපය කොතරම් වීද යත් හෙක්ටර්ගේ සිරුරට අවසන් කටයුතු කරන්නට ඉඩනොදී එය තම කරත්තයේ සවිකර බිමදිගේ ඇදගෙන ගියේය. එහෙත් ට්‍රෝයි රජුගේ බලවත් ඉල්ලීම මත සිරුර බාරදෙන ලදී.

හෙක්ටර් මරා විජයග්‍රාහීව පැමිණෙන අකිලීස්
පැට්‍රොක්ලස් මිහිදන් කිරීමට අකිලීස් ඉඩ නොදුන් නමුත් ඔහුගේ ආත්මය සිහිනෙන් අකිලීස් වෙත පැමිණ නිසි ආදාහනයකින් තොරව තමන්ට පරලොවට අධිපති හේඩ්ස්(Hades) වෙත යාමට නොහැකි බව පවසා සිටියේය.එනිසා අකිලීස් ඔහුගේ කොණ්ඩය කපා, අශ්වයින්, බල්ලන් සහ ට්‍රෝජන් සිරකරුවන් දුසිමක් මගින් බිලි පූජාවක් සිදුකර ඔහුගේ සිරුර චිතකයක ආදාහනය කළේය. ඔහුගේ ඇටකටු සහ අළු රන් බඳුනකට එකතු කරගන්නා ලද අතර චිතකය තිබූ තැන සොහොන් කන්දක් ඉදිකරන ලදී. තවද අකිලීස් ඔහු වෙනුවෙන් ගෞරව පිණිස අවමංගල්‍ය ක්‍රීඩා උළෙලක් පැවැත්වීය.

ඉන්පසුව තවදුරටත් යුද්ධයේ නිරත වූ අකිලීස් විසින් ට්‍රෝජන්වරු බොහෝ ගණනක් මරාදමනු ලැබුවේය. එහෙත් යුද්ධයේදී පැරිස් කුමරු විසින් අකිලීස්ගේ විලුඹට එල්ල කරන ලදහී පහර නිසා ඔහු මරණයට පත් වීය.ඔහුද ආදාහනය කරනලද අතර ඔහු වෙනුවෙන්ද අවමංගල්‍ය ක්‍රීඩා උළෙලක් පැවැත්විණ. මරණින් මතුද එක්ව සිටීම අරමුණු කරගනිමින් ග්‍රීකයන් විසින් ඔහුගේ ඇටකටු සහ අළු පැට්‍රොක්ලස්ගේ ඒවා සමඟ මුසු කොට රන් බඳුනක අසුරා කළු මුහුදේ ලියුක්(Leuke) දූපතේ තැන්පත් කෙරිණි.ග්‍රීකයෝ ඔවුන් දෙදෙනා වෙනුවෙන් පූජනීය සොහොනක් ට්‍රෝයි නුවර ඉදිකළහ.පසුකාලයේ ඔවුන්ගේ ආත්මයන් අත් අල්ලාගෙන ගමන් කරනු එම දූපතේ වරින් වර දක්නට ලැබුණු බවත් කියැවේ.

කෙසේහෝ අවුරුදු දහයක් අවසානයේදී ට්‍රෝයි නුවරට උපක්‍රමශීලී ලෙස යවන ලද ට්‍රෝජන් අශ්වයකු හරහා ට්‍රෝයි නුවර අල්ලාගැනීමට ග්‍රීකයින්ට හැකිවිය. එහිදී පැරිස් කුමරු මෙන්ම ට්‍රෝයි රජපවුලද මරුමුවට පත්වූ අතර හෙලන් කුමරියව නැවත ග්‍රීසියට රැගෙන යන ලදී.

පසුකාලීනව ප්ලේටෝ, එස්චින්ස්, හෝමර් ආදී ග්‍රීක සාහිත්‍යධරයින්ගේ නොමඳ වර්ණනාවට මේ ආදරය ලක්වීය.

ක්‍රි.පූ 334දී පමණ සිය අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආසියාවට යන ගමනේදී ට්‍රෝයි නුවරට පැමිණි මහා ඇලෙක්සැන්ඩර් රජු සිය පෙම්වතා වූ හෙපයිස්ටියන්(Hephaestion) සමඟ සිය හමුදාව ඉදිරියේදීම අකිලීස් සහ පැට්‍රොක්ලස්ගේ පූජනීය සොහොනට ගෞරව කළබව ඉතිහාසයේ දැක්වේ.

පසුකාලීනව කිතුදහමින් ඇතිවුණු බලපෑම නිසා අකිලීස් සහ පැට්‍රොක්ලස් අතර තිබූ සබඳතාවය හුදු මිතුදමක් බවට පත්කර තිබුණි.

ඉතින් දැන්වත් පිළිගන්න. පිරිමින් දෙදෙනෙකුටත් පූජනීය ලෙස ආදරය කළ හැකිය.