1. Ian Mckellen
මොහු ඔබ හොඳින් හඳුනන සම්මානනීය බ්‍රිතාන්‍ය සිනමා නළුවෙක්. සුප්‍රසිද්ධ Lord of the Rings චිත්‍රපට මාලාවේ Gandalf ලෙස, X-Men චිත්‍රපටි මාලාවේ Magneto ලෙස සහ The Da Vinci Code චිත්‍රපටියේ Sir Leigh Teabing ලෙස ප්‍රසිද්ධ චිත්‍රපටි ගණනාවක ප්‍රසිද්ධ චරිතය මොහු රඟපා තිබෙනවා. තමන් සමරිසි බව තම රංගන දිවිය ආරම්භ කාලයේදීම හෙළිකල මොහු ඒ බව පොදු ජනතාවට කියා සිටියේ 80 දශකයේ අගභාගයේදීය.
The Da Vinci Code |
Lord of The Rings |
X-Men |
2.Rupert Everett
My best friend's Wedding, An ideal Husband, The Next Best Thing ආදී චිත්‍රපටි හරහා මොහු ජනප්‍රියත්වයට පත්විය. සුප්‍රකට Shrek සජීවීකරණ චිත්‍රපට මාලාවේ Prince Charming ට හඬකවන්නේ මොහුය.
My Best Friend's Wedding |
An ideal Husband |
Shrek |
3.Neil Patrick Harris
ඇමරිකානු නළුවෙකු වන මොහු Doogie Howser, How I met Your Mother ආදී චිත්‍රපටි ගණනාවක් හරහා ජනප්‍රියත්වයට පත්විය.මොහු සහ මොහුගේ සහකරු David Burtka අදවන විට නිව්යෝක් නගරයේ ප්‍රසිද්ධම සමරිසි යුවල බවට පත්වී ඇත. මේ ඔහු පණපෙවූ චරිත සමහරක්.
4.Rock Hudson
50 සහ 60 දශකවල ඇමරිකාවේ සිටි ජනප්‍රියතම සිනමා නළුවෙක්.Giant, Magnificient Obsession චිත්‍රපටවල රඟදැක්වූ චරිත හරහා ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ මොහු සමාජයට රහසින් සමලිංගික දිවියක් ගතකළ අයෙකි. Phylis Gates නම් කාන්තාවක් සමඟ 1955දී විවාහ වුවද ඉන් වසර තුනකට පසු ඇයගෙන් දික්කසාද වී ඔහු AIDSරෝගයෙන් මියයන තෙක්ම ජීවත්වූයේ නම් පුද්ගලයකු Tom Clark සමඟය.මේ ඔහුගේ සිනමා දසුන් කිහිපයක්.
තවත් සමරිසි නළුවන් ගැන දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.