Friday, May 11, 2012

මඳක් සිතා බලන්න.............





මා ඔහු දුටුවිගසම මට ඇති වුනේ කියාගන්න බැරි අමුතුම හැගීමක්. පුදුම ආදරයක්. ඒත් මම පිරිමියෙක්. ඔහුත් පිරිමියෙක්. ලෝක සම්මතය “පිරිමියා ආදරය කළ යුත්තේ ගැහැණියටයි”. එහෙනම් ඇයි මේ?

මං නපුංසකයෙක්ද? නැහැ. මං තුළ ගැහැනූ ලක්ෂණ කිසිවක් නැහැ. උපන්දා සිට දුටුවේ පිරිමියා ගැහැණියට ආලය කිරීමයි. මීට පෙර මා කිසිදු ගැහැණියකට ආදරය කර නැහැ. සිත යන්නේම පිරිමින්ටයි. එහෙනම් මම කවුද?
මම සමලිංගිකයෙක්. ඔවු මම සමලිංගිකයෙක්. සමාජයේ අපමණ පිළිකුළට ,නින්දාවට, කොන්කිරීමට ලක් වන්නෙක්. ඇයි  එහෙම වෙලා තියෙන්නෙ?
ඒ තත්වය ඇතිකරගෙන තිබෙන්නෙ සමලිංගිකයින් වන අපිමයි කියලයි මට හිතෙන්නෙ.

අපි කීයෙන් කී දෙනාද අප තුළ ඇතිවන ආදරයට මුල් තැන දෙන්නෙ. හුගක් දෙනා සොයන්නෙ පැයක දෙකක සරාගික තෘප්තිය පමණයි. ඊයෙ එක්කෙනෙක්, අද වෙනත් කෙනෙක්, හෙට තවත් කෙනෙක්. ඒත් අපි මිනිස්සු නේද ? සත්තු වගේ එහෙම හැසිරෙන්න ඕනෙ නැහැ නේද? මෙහෙම කරන්නෙ හුගක්ම ද්වීලිංගික කට්ටියයි.පුළුවන් තරම් සමලිංගික සබඳතා පවත්වලා අන්තිමේදි ගැහැණියක්ව විවාහ කරගන්නවා.

 මම එයාලගෙන් ඉල්ලන්නෙ  එක්කෙනෙක් එක්ක විතරක් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න කියලයි. මොකද මිනිස්සු වශයෙන් අපි මුල් තැන දෙන්න ඕනෙ ආදරයටයි.ඒ ආදරේට පුළුවන් අපිව හැමදාමත් සතුටින් තියන්න.ආදරේට මොනතරම් කරදර බාධක ආවත් ඒ වෙනුවෙන් පෙනීසිටින්න. අපි ගැහැණු-පිරිමි ආදරය වගේ හැමදාමත් එකිනෙකා තේරුම් අරගෙන ජීවිතකාලෙටම ඉන්න ආදරෙන් බැඳිලා ඉන්නවානම් මේ තියෙන සමාජ අප්‍රසාදය යම් තරමකට හෝ අඩුකරගන්න පුළුවන්. 


කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙනවා කියන්නේ සුළු දෙයක් නොවෙයි. එය ඔබේ ආත්මය තවත් කෙනෙක් සමඟ බෙදාගැනීමක්. ඔබේ සිරුර, සුවඳ, හදගැස්ම, සුසුම් පොද සියල්ලක්ම ඔබ බෙදා ගන්නවා. මිනිසුන් සතුන්ගෙන් වෙනස් වන ප්‍රධානතම කරුණ තමයි ඔබ ඔබේ ලිංගික සහකරුවාට ආදරය කරමින් මුළු ජීවිතකාලයම ඒ පුද්ගලයා සමඟ ජීවත් වීම. එහෙම කරන්න බැරිනම් ඔබත් තිරිසනෙක් වගෙයි. තිරිසන්නුත් එක් සහකරුවෙකුට සීමා නොවී මුළු ජීවිත කාලය පුරාම සතුන් රාශියක් සමඟ ලිංගිකව හැසිරෙනවා.මිනිස්සු ලෙස අපිත් අපේ හැඟීම් පාලනය කර ගත යුතුයි. නැතිනම් අපිත් තිරිසන්නු වගෙයි.

සමලිංගිකයින් විදිහට අපිත් එකිනෙකාට ආදරය කරමින් ජීවත් වෙමු. මේ කාමාශාවන් පසුපස දිවීම නවත්වමු.
එක් සහකරුවෙකුට සීමාවෙමු.ඒ වෙනුවෙන් කැපවෙමු.
නැතිනම් අන්තිමේදි අපිට ජීවිතේ දුකට සැපට කවුද ඉතුරුවෙන්නෙ?




සමලිංගිකයින් යනු කවුරුන්දැයි ඔබ දන්නවාද?


මේ ලෝකයේ සිටිනා සියලුම මිනිසුන් තමන්ගේ ලිංගික කැමැත්ත අනුව කොටස් තුනකට බෙදියහැක.
1.විෂමලිංගික (heterosexual) - විරුද්ධ ලිංගිකයින් කෙරේ හැගීම් ඇතිවන පුද්ගලයින්.සමාජයේ බහුතරය , එනම් සියයට 95ක් මෙම කොටසට අයත් වේ.
2.ද්විලිංගික(bisexual)- විරුද්ධ ලිංගිකයින් සහ සමලිංගික දෙපාර්ශවය කෙරේම හැගීම් ඇතිවන පුද්ගලයින්.
3.සමලිංගික(homosexual) - සමලිංගිකයින් කෙරේ හැගීම් ඇතිවන පුද්ගලයින්.
ඔවුන්ද කොටස් දෙකකට වර්ග කළ හැක.
පුරුෂ සමලිංගික(gay) - පිරිමින් කෙරේ හැගීම් ඇතිවන පිරිමි. මොවුන්ගේ පෙනුමද අනික් පිරිමින් වැනිය.
ස්ත්‍රී සමලිංගික(lesbian) - ගැහැණුන් කෙරේ හැගීම් ඇතිවන ගැහැණු. මොවුන්ගේ පෙනුමද අනික් ගැහැණුන් වැනිය.
මෙයට අමතරව පාරලිංගික(transgender) යනුවෙන් තවත් කාණ්ඩයක් ඇති අතර, මොවුන් තම සිරුරේ විරුද්ධ ලිංගිකයින්ගේ හැසිරීම් රටාව දක්වයි. ගැහැනු මෙන් හැසිරෙන පිරිමි, පිරිමි මෙන් හැසිරෙන ගැහැනු අයත් වන්නේ මේ ගනයටය.  මොවුන් ඉහත කාණ්ඩ තුනෙන් ඕනම් කාණ්ඩයක පුද්ගලයින් සේ හැසිරිය හැක.