Friday, June 1, 2012

සමලිංගිකත්වය සංකේතවත් කරන මල් වර්ග තිබෙන බව ඔබ දැන සිටියාද?


ලොව පුරා විවිධ සංස්කෘතින්හි විවිධ මල් වර්ග මගින් සමලිංගිකත්වය සංකේතවත් වී ඇත.

වැල් දොඩම් මල


ජපානයේ ටෝකියෝ සහ අනෙකුත් විශාල නගරබද මධ්‍යස්ථානවල වැල් දොඩම් මල(Passion flower) මගින් තරුණ පිරිමි සමලිංගිකයින් සංකේතවත් වෙයි.මෙම සංකේතය සමලිංගික විමුක්ති ව්‍යාපාරයට භාවිත කරන ලද දම් පාටට හුරු ලැවෙන්ඩර් වර්ණය නිසා ඇතිවෙන්නට ඇත. එමෙන්ම වැල් දොඩම් මල ද්විලිංගික වීමත්, අසාමාන්‍ය අලංකාරයක් ගැබ්ව තිබීමත්මීට හේතු වී ඇත.මේ සියල්ලටම වඩා එම මලින් මිනිස් ගුදයේ ප්‍රේමනීය ස්වභාවයක් නිරූපණය වීම මෙයට හේතු වී ඇත.

කොළ කානේෂන් මල


කොළ කානේෂන් මල පළඳනාවක් ලෙස
එංගලන්තයේ වික්ටෝරියානු යුගයේ සිට  එනම් 1900 ගණන් වල මුල් භාගයේ සිට කොළ කානේෂන් (Green Carnation) මල මගින් සමලිංගිකත්වය සංකේතවත්වී ඇත.සමලිංගිකත්වය නීතියෙන් තහනම් කොට එය වරදක් බවට පත් කර තිබූ එකළ එංගලන්තයේ සමලිංගිකයින්ට එකිනෙකා හඳුනාගැනීමට කබායේ ගසන රහස් සංකේතයක් බවට මෙය තිබී ඇත.  සමාජයේ විවෘතව සමලිංගිකයෙක් ලෙස පෙනී සිටි කර්තෘ ඔස්කාර් විල්ඩ්(Oscar Wilde) ඔහුගේ කබා පටියේ (lapel) නිතරම කොළ පැහැති කානේෂන් මලක් පැළඳ  සිට ඇත. එමෙන්ම නොයෙල් කොවර්ඩ් (Noel Coward) විසින් 1929දී  රචිත සංගීත ප්‍රසංග වල ගීපද වල කොළ කානේෂන් මල සමලිංගික පිරිමි සංකේතවත් කිරීමට යොදාගෙන ඇත.                                                                                                                                               






හයසින්තස් සහ සෙපයිරස් දැක්වෙන සිතුවමක්




පුරාතන ග්‍රීසියේ එක්තරා මිථ්‍යා කථාවකට අනුව හයසින්ත් (Hyacinth) නම් මල් වර්ගය පිරිමි සමලිංගිකයාගේ පුෂ්පය( Gay man's flower) බවට පත්වී ඇත. එම කතාව මෙසේය.පුරාතන ස්පාටා නුවර කඩවසම් කුමාරයකු වූ හයසින්තස්(Hyacinthus) සහ ඇපලෝ දෙවියන්(Apollo) ආදරයෙන් බැඳී සිට ඇත. හයසින්තස් කුමාරයාට ආදරය කළ බටහිර සුළඟට අධිපති දෙවියන් වූ සෙපයිරස්(Zephyros) මේ ගැන කෝපයට පත් වී පෙම්වත් යුවළ කවපෙත්ත විසිකිරීමේ ක්‍රීඩාවේ යෙදී සිටියදී කවපෙත්තට සුළං පිඹ හයසින්තස් කුමාරයාගේ හිසේ වැදීමට සලස්වා ඔහුව මරණයට පත් කර ඇත.  මේ නිසා බොහෝ ලෙස දුක් වූ ඇපලෝ විසින් ඔහුගේ විසිරුණු ලේ මගින් හයසින්ත් මල නිර්මාණය කළේය. ඇපලෝ විසින් වේදනාවෙන් කෑගසා ඇඬූ විට ඔහුගේ කඳුලෙන් හයසින්ත් මලේ පෙති තෙත් වූ බව කියවේ.



හයසින්ත් මල


වයලට් මල්
  
සමලිංගික කාන්තාවන් විසින් තමන් ආදරය කළ කාන්තාවට වයලට් මල් දීම 1910 හා 1950 අතර කාලයේ ජනප්‍රිය වී ඇත. සැපෝ (Sappho) නම් කිවිඳිය තමන් සහ තමන්ගේ ආදරවන්තිය වයලට් මලින් කළ මල්මාලා පැළඳ සිටි බව ඇය ලියූ කවියක සඳහන් කර ඇත.